IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ

මෙරට  සංචාරක කර්මාන්තය රුසියාවේ  සහ යුක්රේනයේ  ප‍්‍රචලිත කිරීම සඳහා   සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී අද ආරම්භ විය.

මෙම  වසරේදී  රුසියාවෙන් සහ යුක්රේනයෙක් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වෙයි. 
මෙම දැවැන්ක ප‍්‍රවර්ධන  වැඩසටහන මොස්කව් සහ කිව් නගරයන්හි තෙසතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
සංචාරක වෙළඳ කුටි ස්ථාපනය කිරීම, ශ‍්‍රී ලංකා සංචරණය පිළිබඳව වැඩමුළු, සංස්කෘතික සංදර්ශන, ජායාරූප ප‍්‍රදර්ශන සහ මාධ්‍ය හමුවීම් මෙම වැඩසටහන පැවැත්වෙන කාලය තුළ පැවැත් වෙන අතර  මොස්කව්හි පැවැත්වෙන ලෝ සුපතල යුක්රේන සංචාරක සමුළුව වැනි සංචාරක සහ වෙළඳ ප‍්‍රදර්ශන රැසකටද  මෙහිදී සහභාගී වීමට නියමිතය.

 ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය සහිතව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර ඇත.
අද  ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සුප‍්‍රසිද්ධ ඩිබෙන්කෝ සුපිරි වෙළෙද සංකීර්ණයේදී ආරම්භ වූයේ මෙහි පළමු වැඩසටහනයි.
 මේ සඳහා  ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය, ලක්සල, සිද්ධාලේප, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ ප‍්‍රසිද්ධ සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම් රුසක් සහභාගී වීමට නියමිතය. තවද ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම්වල රුසියාවේ සහ යුක්රේනයේ සිටින පාර්ශ්වකරුවන් මෙම වැඩසටහනට සහාය ලබාදෙයි.
පසුගිය වසර 5 තුළ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග මහතාගේ  උත්සාහයෙන් යුතුව රුසියානු සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අමිල මෙහෙයක් ඉටුකර ඇති බව සංචාරක ප‍්‍රවර්ධන කාර්්‍යංශය කියයි. 
2012 වසරේදී රුසියානු සමූහාන්ඩුවට අයත් රටවල් වෙතින් ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 51,746 කි.


 



අදහස් (0)

ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ

නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM

හොඳ ඉදිරිපත් කිරීම් කිහිපයක්... (ස)

:       0       0

සුනිල් Saturday, 11 May 2013 01:26 AM

ගොඩක් හොද ඇති. විශිෂ්ටයි (නි)

:       0       0

උෂාන් Friday, 05 April 2013 09:12 AM

මේ රුසියන් කට්ටිය වැඩිය වියදම් කරන්නේ නැහැ. අපි මීගමුව නිසා දන්නවා මේ ගොල්ලෝ ප්ලේන්ටි බොන්නේ. හැබැයි රුසියන් කට්ටිය බොන්න නම් දක්ෂයි. (නි)

:       0       0

උෂාන් Thursday, 04 April 2013 03:34 PM

කොහොමත් දැන් මෙහෙට වැඩිපුර එන්නේ රුසියන් කට්ටිය තමයි (නි)

:       0       0

ප්‍රේමන්ත Sunday, 31 March 2013 07:57 AM

අපි ඔවුන්ට අපේ නිෂ්පාදන අළෙවි කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. (නි)

:       0       0

හමීඩ් Saturday, 30 March 2013 09:18 PM

ලංකාව සාධරයෙන් භාර ගන්නවා (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 30 March 2013 09:18 PM

කෙවින් කියන දේ හරි. (නි)

:       0       0

දසරත්න Saturday, 30 March 2013 03:03 PM

ජීවන තරගය මැද රටට සෙතක් වේවා.(නදී)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 04:36 PM

සංචාරකයෝ මිලියනයක් ආවත් අපිට වුන සෙතක් නැහැ. ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට නම් හොදයි. අපිට වුන සෙතක් නැහැ.(නදී)

:       0       0

අමල් Monday, 25 March 2013 07:03 PM

කෙවින් ඔයා දන්නවද මාස් ප්‍රොඩක්ෂන් කියන සංකල්පය? අන්න ඒ සංකල්පය සංචාරකයන්ගේ පැමිණීමටත් පොදුයි. දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

දිනේෂ් Monday, 25 March 2013 08:59 AM

සංචාරක ව්‍යාපාරයෙන් ඉහලම ඉන්නේ ලංකාවයි (දී)

:       0       0

කෙවින් Saturday, 23 March 2013 04:52 PM

අමල්, මෝඩයෙක් වගේ හිතන්න එපා. රුසියාවෙන් එන ගොඩක් අය ලග සල්ලි නැහැ. ප්ලේන්ටි බොන්නේ. මෙයාලා 100 ක් එනකොට යුරෝපා වලින් 10 ක් ආවත් ඇති.(නදී)

:       0       0

නිමාලි Monday, 18 March 2013 02:55 PM

ලංකාවට ප්‍රශ්න වැඩියි මේ දවස් වල (දී)

:       0       0

නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM

මේවා දැකලා කට්ටිය පෝලීමේ ඒවිද අපේ රටට (ස)

:       0       0

දිලාන් Friday, 22 March 2013 04:11 AM

කන්න පුලුවන්නම් කබරගොයත් තල ගොයා වගේ තමයි.(නදී)

:       0       0

මාලක Thursday, 21 March 2013 12:37 PM

බලාගෙන යනකොට ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)

:       0       0

ලංකා Wednesday, 20 March 2013 07:30 PM

කරන දෙයක් හොද දෙයක් කරන්න (දී)

:       0       0

අමල් Wednesday, 20 March 2013 04:34 PM

ලුම්බිණි , ඔයා තංගල්ලේදී වෙන මුකුත් දැක්කේ නැද්ද ? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 20 March 2013 03:50 PM

අන්න වැදගත් වැඩක් (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 20 March 2013 06:44 AM

මේ රටවලින් එන අයගෙන් ඇත්තම සංචාරකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. මම මේ අය කීප දෙනෙක් දැක්කා තංගල්ලේදී. (නි)

:       0       0

රෝහිත Tuesday, 19 March 2013 09:15 PM

ලස්සන රටවල්..!(නු)

:       0       0

වරුණ Tuesday, 19 March 2013 07:48 AM

ලංකා මාතාවට සුභපැතුම්

:       0       0

ප්‍රභා Monday, 18 March 2013 03:14 PM

යුක්රේනය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site