ආසියා කලාපයෙන් යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට භාණ්ඩ අපනයන කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සදහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි යැයි ජපානය කියයි.
ශ්‍රී ලංකාව එවන් ක්‍රියාවලියක් සදහා හොදින්ම ගැලපෙන බව ජපානයේ ජෙට්රෝ හෙවත් රටින් පිරිබාහිරව සිදුකෙරෙන වෙළද කටයුතු සම්බන්ධයෙන් පිහිටුවා ඇති සංගමය නියෝජනය කරමින් ශ්‍රී පලංකාවට පැමිණි නොබුහිටෝ හොබෝ පසුගියදා පැවැති හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ පිහිටීම, හා ශ්‍රී ලංකාව සතුව ඇති කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකාය මේ සදහා ආධාර වනු ඇතැයි හෙතෙම කීය.
ලොව ආර්ථීක ප්‍රතිපත්තීන් වල පෙරළිකාර වෙනස්වීම් සිදුවෙමින් තිඛෙන්නේ යැයිද දැන් පෙර මෙන් දියුණු රටවලටම ගැති නොවී සංවර්ධනය වෙමින් පවතින රටවල්ද අන්තර්ජාතික වෙළද කටයුතු වලට හවුල් කර ගැනීමේ තත්ත්වයක් ඇති වී තිඛෙන්නේ යැයිද ඔහු පැවසීය.
මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ බොහෝ යැයිද ඒවා ලබාගැනීමට ශ්‍රී ලංකාව තව තවත් විදෙස් ආයෝජනයන් රටට ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.
‘ලංකාව හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක්‘
සුජීව Sunday, 26 January 2014 12:16 PM
ශ්‍රී ලංකා වට ගොඩක් වැදගත් අවස්ථාවක්, ක්‍රියාත්මක වීම අපගේ රජය නියෝජනය කරන නිලදාරීන්ගේ වගකීමක්, මම හිතන හැටියට වැඩකට නැති අමාත්‍යංශ එකකට වගකීම් බාරදුන්නොත් අඩු තරමින් මේ වගකිම් වත් නිසි අයුරින් ක්‍රියාත්මක කරනු ඇත.(නදී)
කින් බෙනට් Monday, 27 January 2014 06:57 AM
ඔන්න රටට හරියන්න එන්නේ. ජපන්නුන්ට හිත වැටුනොත් නම් අපියි රටයි දෙකම ගොඩේ ගොඩ. හැබැයි ජපන්නු කොමිස් [ සන්තෝසම් , අල්ලස් ] දෙන මිනිස්සු නම් නෙමෙයි. ඒවා ඉල්ලන්න ගියොත් නම් මේ අවස්ථාවත් ඉවරයි.(නදී)
මහින්ද කැලිෆෝර්නිය Monday, 27 January 2014 08:54 AM
ලංකාව ඉතින් හොඳ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්නේ. (නදී)
හසරැල් Tuesday, 28 January 2014 09:37 AM
සුජීව සහ කින් බෙනට්, අනිවාර්යෙන්ම.(නදී)
අසංග Tuesday, 28 January 2014 01:14 PM
මේ දේවල් දැනගෙන තමයි අර සුද්දෝ අපේ රටට ප්‍රශ්න දාන්නේ. ඇත්තටම අද ලංකාව හොඳ තත්වෙක තියනවා.(දිල්)
චමිකා Wednesday, 29 January 2014 11:23 AM
ප්‍රතිචාර කියෙවුවහම සමහරු ඉන්නේ ලංකාවේද කියලා සැක හිතෙනවා. (නි)
ආරියසේන Thursday, 30 January 2014 06:30 AM
ලංකාව හොඳ වෙළද මධ්‍යස්ථානයක් නිසා තමා ලන්දේසි, පෘතුග්‍රීසි ,ඉංග්‍රීසි ආක්‍රමණය කරේ. අපට අවුරුදු සිය ගානක් සුද්දට යටත් වෙලා ඉන්න වුනේ මේ නිසයි.(නදී)
චන්දි Thursday, 30 January 2014 05:45 PM
හොර බොරු නැති මගේ මව් බිම සව් සිරියෙන් සපිරේවා....!!! දියුණු වෙන්න නම් හොර බොරු නැති වෙන්නම ඕනේ ...!! (අ)
ලක්මාල් Saturday, 01 February 2014 03:57 AM
හේමන්ත , ඔබේ කතාව හරි,ලංකාව ඉස්සරනම් (සුද්දා පාලනය කරන කාලේ ) හොද ආර්ථික මධ්‍යස්ථානයක් (දී)
හේමන්ත Saturday, 01 February 2014 03:57 AM
ඒ ඉස්සර (දී)
මුදිත Saturday, 01 February 2014 05:21 PM
එහෙම වෙනවානම් කොයිතරම් දෙයක්ද , (දී)
නැනි Monday, 03 February 2014 10:39 AM
මහින්ද , ඔබ හරි. හැබැයි ජපනා පරක්කු වැඩියි. (දී)
ගිහාන්\ Tuesday, 04 February 2014 01:32 PM
අපිත් ඒ පැත්තට ගියහම අල්ලන්නේ ඒ වගේ කරන්න (දී)
සමීර Friday, 07 February 2014 11:02 AM
ඉස්සරනම් එහෙමයි දැන් නම් මම දන්නේ නැහැ (දී)
අරුණ Monday, 10 February 2014 03:24 PM
එහෙම වෙනවා නම් සුපිරියි.(නදී)