IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ යෝජිත ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. 
වසර පහකින් කල් පිරෙන උප ප්‍රධාන, ලැයිස්තුගත, වර්ගකෙරු, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි බැදුම්කර ලෙස මෙම ණයකර නිකුතුව සැලසුම් වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින්, උපරිම රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් එය නිකුත් කිරීමට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ. 
මේ අතර අදාළ ණයකර නිකුතුවමගින් රැස් කරගන්නා අරමුදල් සමාගමේ අදියර දෙක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගැනීම අරමුණ බව පවසන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ඒ සඳහාද මහ බැංකුවේ අනුමැතිය බලාපො‍රොත්තු වන බවත් පවසා සිටියි. 

 



අදහස් (0)

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site