IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලක් පාකිස්තාන වෙළඳ සබඳතා තර කරන කතා

පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර වෙළඳ සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ හමුවක් පසුගියදා ශී‍්‍ර ලංකා වෙළඳ සභාවේදී පැවැත්විණි.

මෙම හමුවට ශී‍්‍ර ලංකාවේ පකිස්තාන තානාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සයෙඩ් ශකීල් හුසේන්ද සහභාගීව සිටියේය.

පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර වෙළද සබඳතා ක‍්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව පෙන්වා දුන් තානාපතිවරයා පසුගිය වසරේදී එම සබඳතා වල වටිනාකම ඩොලර් ලක්ෂ 1000 කින් පහත වැටී ගොස් තිබෙන බව අනාවරණය කළේය.දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පැවතියද මෙසේ පාඩු ලැබීමට සිදුවීම කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවන බව හෙතෙම කීය.

ශී‍්‍ර ලංකා නියෝජිතයින්ද අදහස් දක්වමින් පකිස්තානයේ ඇති වෙළද හා ආයෝජන අවස්ථා වල වාසිය සම්පූර්ණයෙන්ම ලබාගැනීමට ශී‍්‍ර ලංකාව තවමත් අපොහොසත්ව තිබෙන බව පිළිගත්තේය.ඉදිරි පියවරක් ලෙස දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සාමාන්‍ය ගනුදෙනු වලට පමණක් සීමා නොවී ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම,ද්විපාර්ශවික සබදතා ඇති කිරීම ආදිය ඉස්මතු වන සේ වැඩිදියුණු කළ යුතුව තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

දෙරට අතර වෙළද සබදතා වල වටිනාකම ඩොලර් බිලියනයක් දක්වාම ඉහළ නැංවීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා නියෝජිත පිරිස කීහ.



අදහස් (0)

ලක් පාකිස්තාන වෙළඳ සබඳතා තර කරන කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site