නිමල කොඩිතුවක්කු
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ පර්යේෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලය සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර්සී. ක්ලාක් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
පර්යේෂණ අභියෝග හඳුනා ගැනීම සහ තාක්ෂණික විසඳුම සංවර්ධනය කිරීම ඇතුළුව දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ප්රතිලාභ පර්යේෂණ යහයෝගීතාවක් සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගැනීම සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. වසර පහක (05) කාලයකට බලාත්මක වන එම අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වය විසින් සයිබර් ආරක්ෂාව, මිනිසුන් රහිත ගුවන් යානා, අභ්‍යවකාශ හා චන්ද්‍රිකා, කෘත්රිමා බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීම සහ 56 සන්නිවේදන යන ක්ෂේත්‍ර වල සහයෝගීතාව සඳහා කටයුතු කිරීමට අවශ්‍ය බව පළ කරනු ඇත. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ පර්යේෂණ සහයෝගිතාව ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමක්