ඊයේ (මාර්තු 26) ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 15,847.80 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 60.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,741.90 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 15.91 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. මෙදින විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 143 කි. විකිණීම් රු.මිලියන 6 කට සීමා විය.
කෝල්ඞ් ස්ටෝර්ස් රු. මිලියන 135 ක් වශයෙන් ඊයේ දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. කොමර්ෂල් බැංකුව රු. මිලියන 100 ක්, සී.ටී. ලෑන්ඞ් රු. මිලියන 75 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 68 ක්, සම්පත් රු. මිලියන 67 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 57 ජෝන් කීල්ස් රු. මිලියන 53 ක්, එන්. ඩී. බී. රු. මිලියන 45 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 42 ක්, රීල් රු. මිලියන 33 ක්, සහ හෙල ඇපරල් රු. මිලියන 32 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 10,803 ක් වූ අතර සමාගම් 82 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 129 ක් විය. දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 1.63 ක් දක්වා කලින් දිනයට වඩා සිමාවී තිබුණි. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව තබාගැනීමට දක්වන තීරණය වෙළෙඳපොළ කෙරෙහි බලපා ඇත. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාත වලින් වාසි ලබාගත හැකි බව සුළු ආයෝජන අංශවල තක්සේරුව බව පෙනේ. කොටස් වෙෙළඳපොළ ස්ථාවර තැනකට පැමිණීමෙන් පසු වඩාත් වේගයෙන් වර්ධනය වන අවකාශයක් නැති බව ඔවුන්ගේ අදහස බව දැක්විය හැකිය.
නිරීක්ෂක
විදේශ ආයෝජකයක් කොටස් මිල දී ගැනීමේ උනන්දුවක