ආරියරත්න රණබාහු
වී සඳහා සහතික මිල ළඟදීම ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් ගොවියාට ඉතා සාධාරණා ලාබයක් ලබාදීමට කටයුතු කරන බවද කීය. ඒ සමගම හාල්වල මිල ඊට ගැළපෙන ලෙස තීරණය කරන බවත් එමඟින් පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද හෙතෙම කීය.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහ මෝල්හිමියන්ට මෙන්ම අවස්ථාව කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ටද අවස්ථාව ලැබෙන බව කී නියෝජ්‍ය ඇමතිවරයා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ මෝල්හිමියන්ට අඩු පොලියට ණය දීමේ වැඩසටහනක්ද රජය සකස් කර ඇති බව කිය.
වීවලට සහතික මිල ළඟදීම