IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වසර හයකින් පෞද්ගලික සරසවි 10ක්

2020 වසර වන විටදී පෞද්ගලික විශ්වවිද්‍යාල 10 කට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සදහා රටේ අධ්‍යාපන පද්ධතියෙන් ඉඩ ලබා දීමට රජය සැළසුම් කර තිබේ.

මෙමගින් දේශීය සිසුන්ට අමතරව විදේශීය සිසුන් 50000 කට පමණ උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.

සැළසුම් කර ඇති පරිදි නව පෞද්ගලික විශ්වවිද්‍යාල රට පුරා පිහිටවෙනු ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලැන්කැස්ටර් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ශී්‍රලංකාවේ ශාඛාවක් පිහිටුවීම සදහා පාර්ලිමෙන්තු අනුමැතිය හිමිවිණි. එසේ විදෙස් විශ්වවිද්‍යාලයක ශාඛාවක් මෙරට පිහිටුවීමට අවසරය ලැබුණේ ප්‍රථම වතාවටය.

ඉදිකෙරුණු පසු එයින් සිසුන් 4000 සිට 6000 දක්වා ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදීමට හැකිවනු ඇතැයිද දේශීය සිසුන් විදෙස් රටවලට අධ්‍යාපනය සදහා සංක්‍රමණය වීමේදී වැය වන විදෙස් විනිමය ඉතිරිකරගැනීමට මෙන්ම අධ්‍යාපනය සදහා මෙරටට විදෙස් සිසුන් කැදවාගත හැකිවීම නිසාවෙන් රටට විදෙස් විනිමය උපයා ගැනීමටත් හැකිවනු ඇතැයි රජය කියයි.

දැනටමත් ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලය,සිංගප්පූරුවේ රැෆල්ස් විශ්වවිද්‍යාලය ඇතුලූ විදෙස් විශ්ව විද්‍යාලයන් රැසක් ශ්‍රී ලංකාවේ ශාඛා පිහිටුවීම සදහා අවසර ඉල්ලා තිඛෙන්නේයැයි සදහන්ය.

නමුත් විද්වතුන්ගේ අදහස වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සිදුවුවහොත් දුප්පත් නමුත් වැඩට දක්ෂ සිසුන් රජයේ විශ්වවිද්‍යාල වලට පමණක් සීමාවී අන්තර්ජාතිකව පිළිගත් උපාධි පාඨමාලා තෝරාගැනීමේදී මෙන්ම පසුව රටේ රැකියා ලබාගැනීමේදීද ඔවුන්ට ගැටළුකාරී වාතාවරණයක් උද්ගත වනු ඇති බවයි.



අදහස් (0)

වසර හයකින් පෞද්ගලික සරසවි 10ක්

භානු Saturday, 03 May 2014 04:24 PM

සුරංග මහේෂ් , ඔබ වැනි උපාධිදාරීන් තමා අද රටට අවශ්‍ය. තමන් විතරක් නෙවෙයි අනුන් ටත් අධ්‍යාපනයක් ලැබිය යුතුයි සිතන , පටු ආකල්ප වලින් මනස අපිරිසිදු නොවුන, විචක්ශ්න බුද්ධියකින් යුක්ත ඔබට එක දවසක් වත් රැකියා පෝලිමේ නම් ඉන්න වෙන්නේ නැහැ. කැමති නම් ඔබ උපාධිය සම්පූර්ණ කල පසු පෞද්ගලික අංශයේ විධායක රැකියාවකට ඉල්ලුම් කරන්න. අනිවාර්යයෙන් ලැබේවි. (නදී)

:       0       0

රොහාන් Wednesday, 07 May 2014 10:44 AM

චනද්‍රිකා මහත්මිය ටිකක් ඔය ඔබ කියනා මිනිසුන්ගේ ජීව දත්ත කියවා බලන්න. ඔවුන්ට ඇති ප්‍රාථමික උපාධිය ලංකාවේ වුවත් එතනින් එහාට ලබා ගන්නා උපාධින් ලංකාවෙන්ද අර ගන්නේ කියා. වැඩිය ඕනි නෑ අපේ විශ්ව විද්‍යල වල ආචාර්ය වරුන් පවා ප්‍රාථමික උපාධිය ලංකාවේ වුවත් එතනින් එහාට පිටරට උපාධි ලබාගන්නේ. අධ්‍යාපනය ගැන දැනගෙන කතා කරන්න කරුණාකර. (ස)

:       0       0

රොහාන් Wednesday, 07 May 2014 10:39 AM

කුමාර මහත්තයෝ, ශ්‍රේණිගත කිරීම් වලින් තමයි විශ්ව විද්‍යාල මනින්නේ. ඔබට එය මාස්ටර් ඩිග්රි එකක් කරනවා නම් තමයි දැනෙන්නේ. මොකද ඒ ශ්‍රේණිගත කිරීම් විශ්ව විද්‍යාලයේ උගන්වන දේවල් මත සහ අනෙකුත් දෑ මත තීරණය වෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාල සියල්ලම (දැනට පවතින පෞදිගලික ඒවාද ඇතුලුව) ලෝකයේ අනෙකුත් විශ්ව විද්‍යාල වලට වඩා ශ්‍රේණිය අතින් පහතට වැටී තිබෙනවා. (ස)

:       0       0

රොහාන් Tuesday, 06 May 2014 08:45 PM

අලුතෙන් ඒවා පටන් ගත්තාට කමක් නැහැ. හැබයි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හානියක් නොවී. මොකද දුප්පත් ළමයි ගොඩක් මහන්සි වෙනවා විශ්ව විද්‍යාලයට එන්න. සල්ලි තිබෙන අයට නම් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මංජු ප්‍රසන්න Tuesday, 06 May 2014 03:03 PM

සල්ලි තියෙන කෙනා කොහොමත් පිට රට යනවා ඉගෙන ගන්න. මේකෙන් වෙන්නේ අපේ පන්තියේ එකෙක්ට කොහොම හරි උදාධියක් හෝ ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන් එදා මේ වගේ දෙයක් ලංකාවේ තිබුනා නම් අපි උසස්පෙළ කරලා මැදපෙරදිග රස්සාවල් කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ කුහක කමක් මිසක් රටේ ඉගන ගන්න අයට තියෙන ආදරයක් නම් නොවෙයි (දී)

:       0       0

සුසන්ත Tuesday, 06 May 2014 01:21 AM

මෙතන සමහරුන්ගේ අදහස් වලට අනුව,මින් පසු උසස් පෙළ ප්‍රතිපල කුමක් වුවත් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කැමති අයට ඉඩ දිය යුතුයි අනිවාර්යෙන්ම.ජය වේවා! ලෙඩ්ඩුන්ට තෙරුවන් සරණයි! (ස)

:       0       0

උපාලි Monday, 05 May 2014 06:38 PM

උසස් පෙළ ප්‍රතිපලය මොකක් වුණත් කමක් නැහැ, වෘත්තියට අදාළ අධ්‍යාපනය හොඳින් ලබාගන්නවා නම්.උසස් පෙළින් මිනිසෙක්ගේ හැකියාව මනින්න තරම් මෝඩ වෙන්න එපා (නි)

:       0       0

සම්පත් Monday, 05 May 2014 11:49 AM

මේකේ දාපු අදහස් අනුව මේ ගැන ලොකු උනන්දුවක් තියෙනවා.ඒත් වැඩේ දැනටත් තියෙන උපාධිවලට රස්සාවල් නැහැ. අන්තිමට වෙන්නේ මේවයේ ඉගෙන ගන්න අයටත් ආණ්ඩුවේ රස්සාවල් දෙන්න. කවුද මේවයේ උගන්වන්නේ, මොනවද උගන්වන්නේ .උපාධිය ගත්තම රැකියා වෙළඳපොලේ ඉල්ලුමක් තියේ ද? නැත්නම් සහතිකේ විතරද? සක්විති ළඟ සල්ලි දැම්ම වගේ වැඩක්ද අන්තිමට වෙන්නේ (ස)

:       0       0

ඩයස් Monday, 05 May 2014 11:08 AM

ඈත්තෙන්ම මීට අවු.10 කට කලින් විය යුතු දෙයක්. එදා එසේ වුණා නම් අද සුව සේවයේ වර්ජන ගොඩාක් අඩුවෙලා. චෑනල් සේවාවල ගණන් බැහලා. (ස)

:       0       0

නිමල් පෙරේරා Sunday, 04 May 2014 10:13 PM

නිදහස් අධ්‍යාපනය නේ (දී)

:       0       0

සුසන්ත Sunday, 04 May 2014 07:31 AM

එස් 3 දොස්තරලා දැනුත් ලංකාවේ ඉන්නවා රුසියාවේ ගිහින් ඇවිත් එත් සල්ලි තියන අය ම තමයි. (ස)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Wednesday, 07 May 2014 11:31 AM

කුහකකම අතඇරලා යථාර්තයට මුහුණ දෙන්න. ලොවට ගැලපෙන රටට ගැලපෙන අධ්‍යාපනයක් ලබන්න සැමටම අවස්ථාව ලබා දෙන්න. (ස)

:       0       0

සුරංග මහේෂ් Saturday, 03 May 2014 08:56 AM

ඒක නියම දෙයක්. මමත් කොළඹ කැම්පස් එකේ. ඒත් මම නම් මේකට කැමතියි.මේකෙන් අපෙ රට දියුණු වෙනවා නම් අපි හැමොටම ඕනෑත් ඒක නම් තව වෙන මොනවද? (නි)

:       0       0

රණතුංග Saturday, 03 May 2014 04:30 AM

චන්ද්‍රිකා මහත්මිය, මේ විශ්ව විද්‍යාල කියන ඒවත් හරියට අපේ ජනප්‍රිය පාසල් වගේ.උදාහරණයක් හැටියට කිව්වොත් එකම සුදුසුකම් තිබෙන දෙදෙනෙක් [ජනප්‍රිය පාසලක සහ එතරම් ප්‍රසිද්ධ නැති පාසලක ] පුද්ගලික අංශයේ [පන්දමක් නැතුව] සම්මුඛ පරීක්ෂණයකට ගිය හොත් එම රැකියාව ලැබෙන්නේ කාටද ? අනිවාර්යෙන්ම ජනප්‍රිය පාසලේ කෙනාට ඒ රැකියාව ලැබෙනවා.ඒ වගේම ඔක්ස්ෆඩ් හරි, කේම්බ්‍රිජ් හරි, මොනෑෂ් හරි ගිය කෙනකුයි අපේ විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙකුයි එකම සම්මුඛ පරීක්ෂණයකට ගියහොත් එම රැකියාව ලැබෙන්නේ අපේ විශ්ව විද්‍යාලයට ගිය කෙනාටද ? කවදාකවත් අපේ කෙනාට ඒක ලැබෙන්නේ නැහැ. චන්ද්‍රිකා මහත්මිය,සංවර්ධිත යැයි කියා ගන්නා රටවල් මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට, ඒ අයගේ වැඩත් අපේ ලංකාවේ අයගේ වැඩ වගේමයි. ඉගෙන ගත්ත තැන හොදට හොයනවා අනිවාර්යෙන්ම.(නදී)

:       0       0

රණතුංග Saturday, 03 May 2014 03:02 AM

රන්ජිත් ප්‍රනාන්දු මහත්මයා,ඔබතුමා මගේ අදහස ටිකක් වැරදි විදියට තේරුම් අරගෙන තියෙන්නේ. මම කතා කළේ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන නෙමෙයි,මම දැනට ජීවත්වන රටේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් ගැනයි. (නි)

:       0       0

කුමාර Friday, 02 May 2014 08:40 PM

රන්ජිත් මහත්තයෝ, ශ්‍රේණිගත කිරීම් අනුව, අපේ විශ්ව විද්‍යාල වල තත්ත්වය මනින්න බැහැ (නි)

:       0       0

චනද්‍රිකා Friday, 02 May 2014 04:29 PM

රන්ජිත් ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කරන්නේ බටහිර රටවල්. ලංකාවේ විශ්ව විද්‍යාල ඔච්චර පහළ නම් ලංකාවේ උපාධිධාරීන් ලෝකයේ හොඳම ආයතනවල රැකියා කරන්නේ කොහොමද? (ස)

:       0       0

සිංහ Friday, 02 May 2014 12:27 PM

කොහොම වෙතත් මේ ආයතන අතරේ ආගම් සදහා විද්‍යාල තියෙනවද බැලුවොත් නරකද .හොර රහසේ මේවා යටින් තමා විෂබීජ එන්නේ . (අ)

:       0       0

රන්ජිත් ප්‍රනාන්දු Friday, 02 May 2014 11:27 AM

"ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මෙරටෙහි විශ්ව විද්‍යාල ඉතාමත් ඉහළම තලයක තිබෙන අතර..." ලෙසින් වූ රණතුංග මහතාගේ මෙම කියමනට මට එකඟ විය නොහැකියි. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය වන කොළඹ විශ්ව විද්‍යාලය ලෝක විශ්ව විද්‍යාල අතර 1700 කට පහළින් තියෙන්නේ. පේරාදෙණිය 3000 කටත් එහා. අන්තර්ජාලයෙන් සොයා බලන්න. (නි)

:       0       0

රන්ජිත් Friday, 02 May 2014 07:05 AM

අපේ රටේ පරිපාලනය සහ පද්ධතීන් හොඳින් ක්‍රියාත්මක වන බව ලොවම දනී. ඒ අනුව අපේ රටේ ඉගෙනීමේ කටයුතු වලට උසස් ඉල්ලුමක් තිබේ. මෙය ප්‍රයෝජනයට ගනිමින් තව විශ්ව විද්‍යාල ඉදිකර අනෙකුත් රටවලට විවෘත කිරීම අගය කළයුතු ක්‍රියාවකි. රටට හොඳ නමත්, තවත් බොහෝ වාසිත් මින් ලැබෙනු ඇත. බටහිර අධිකාරිය බිඳීමට හැකි අපේ රටට පමණි. (නි)

:       0       0

සිරි Thursday, 01 May 2014 08:28 AM

හොඳ දෙයක්. මෙයත් අධිවේගී මාර්ග, ගල් අඟුරු බලාගාර, අලුත් ගුවන් තොටුපොල, අලුත් වරාය වගේ අවස්ථාවාදීන්ගේ විරෝධතා නොතකා කරන අභීත අනාගත ආයෝජනයක්. මොකද දැනටත් ලංකාවේ සිසුන් කොපමණ ප්‍රමාණයක් විදේශ වල ඉගෙනගන්නවද? ඒ සඳහා ලංකාවේ මුදල් බිලියන ගණනක් පිටරට යනවා. ඒ වගේම විදෙස් සිසුන් ලංකාවට පැමිණීමෙන් (දැනටත් සමහර රටවල් වල සිසුන් ලංකාවේ ඉගෙනගන්නවා) ලංකාවට අාදායමකුත් ලැබේවි. (නි)

:       0       0

පවන් Saturday, 10 May 2014 06:01 AM

අනෙක් රටවල් වලට ක්‍රමවත් ලෙසත් විධිමත් ලෙසත් මෙම පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට හැකි නම් අපට එසේ කිරීමට බැරිද? (නි)

:       0       0

අතුල සේනානායක Thursday, 15 May 2014 06:39 AM

පුද්ගලික විශ්ව විද්‍යාල හොඳයි,රජයේ වියදමින් ඉගෙනගන්නා දුප්පතුන්ට අසාධාරනයක් වෙන්නේ නැත්නම්.ඒ ගැන රජයේ අවධානය යොමු විය යුතුය (නි)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 08:09 PM

"මොනවද අනේ කැම්පස් කියන්නේ?..සුපර් මාර්කට් එකක්ද? " ඕව දැන ගන්න ගිහින් ඔලුව අවුල් කරගන්න එපා ඔබ දැන් ඉන්න විදිහ හොඳයි.(නදී)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 08:07 PM

"උපාධිය ගත්තම රැකියා වෙළඳපොලේ ඉල්ලුමක් තියේ ද? නැත්නම් සහතිකේ විතරද?" එ්ක කරලා තිබෙන පව් පින් අනුව. (නදී)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 08:04 PM

"මා සිටිනා රටේහි, පිටරට උපාධි ඇති දොස්තරවරුන්ට එරටෙහි සේවය කල හැක්කේ එවැනි විභාගයකින් සමත් වුව හොත් පමණි. " ඇයි ලංකාවේ එහෙම නැද්ද? (නදී)

:       0       0

ජීවක Tuesday, 13 May 2014 11:41 PM

මොනවද අනේ කැම්පස් කියන්නේ?..සුපර් මාර්කට් එකක්ද? (දී)

:       0       0

භානුක Monday, 12 May 2014 10:02 PM

ඔය කියන විදිහ ට, ලකුණු දෙකක් එලෙවෙල්, වලින් අඩු කට්ටිය,පුද්ගලික කැම්පස් ගන්නවා ට විරුද්ද වෙනවා කියන්නේ තනිකර ඔල මොට්ටල වැඩක් (ස)

:       0       0

රාජ් Monday, 12 May 2014 07:36 AM

අවුරුදු ගණනකට පෙර කරන්න තිබුණ වැඩක්. මොනවා.වුණත් අධ්‍යායාපනය ලබන්නන් අපේ රටේ පුරවැසියො.මේවට විරුද්ධවෙන්නො අනිත් අය ඉගෙන ගන්නවාට විරැද්ධ අය. (නි)

:       0       0

කරුණාජීව Monday, 12 May 2014 02:33 AM

සුනිල් පෙරේරා,ඔබ කියූ සේ පිටරටවල එරටෙහි උපන් පුරවැසි සිසුන්ට රජය මගින් පොළී රහිත ණය මුදලක් දෙනවා. උපාධියෙන් පසු රැකියාවක් කරනා විටදී වාරික වශයෙන් ගෙවීමට.අපේ අයට ණය මුදලක් දුන්නොත් ආපසු ගෙවයිද? ණය මුදල ගෙවීම කෙසේ වෙතත්, රටේ හොයා ගන්නවත් නැති වෙයිද? හෙමින්ම වෙන රටකට අතුරුදහන් වෙයිද? (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 11 May 2014 12:09 PM

පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීම හොදයි. මෙහි ඉගෙනුම ලබන අ යට ඒ සදහා වියදම් සහ ගාස්තු රජයේ ණය මුදලක් ලෙසට ගෙවීමට වැඩ පිළිවෙලක් සකසා ඔවුන් රැකියා කරන විට වාරික වශයෙන් ආපසු ගෙවීමට කටයුතු කලොත් මේ විරෝධ සහ අසුබ වාදීන් නිහඩ වනු අැති. දියුණු රටවල් තරුණ අසහනය මග හරවා ගෙන ඒ අ ය සමුර්දියට පත්වී ඇත්තේ එලෙසයි. (ස)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 06:25 AM

මේ සංවාදය ඉතා හොඳ එකක්. අපේ රටේ විදේශ විශ්ව විද්‍යාල හැදුනොත් එහි වාසිය අපිට විශාල ලෙස ගන්න පුළුවන්. ඉන් අපේ රටේ සිසුන් විදේශගතවීම අඩු වෙනවා. විදේශ සිසුන් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන් වියදම අඩු නිසා. (නි)

:       0       0

නිලුපුලී Thursday, 01 May 2014 07:38 AM

හොඳ අදහසක්. නවක වදය විඳීමට කැමති උදවිය සිටිත් නම් රජයේ විශ්ව විද්‍යාල වලට යාමට හැකියි. (නි)

:       0       0

අස්ලාම් Friday, 09 May 2014 11:52 PM

පමාවී හෝ මේ දේ වෙනවනම් හොදයි. රටේ සංවර්දනයට විද්වතුන් අවශ්යයි. අද මේ ලකුණු ප්‍රශ්න නිසා හුගක් දුප්පතුන්ට විශ්ව විද්‍යාල යන්න අවස්ථාවක් නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල මගින් එවැනි අවස්ථා උද වෙනවා. මැලේසියා එකට හොද උදාහරණයක්. අනිත් එක විනිමය ඉතුරු වීමක් අනිවාර්යෙන් වෙනවා. විශ්ව විද්‍යාල ගාස්තුව විතරක් නෙවෙයිනේ ඊට අමතරව කොච්චර වියදමි වෙනවද. යන එන කන ගාස්තු? ඒ නිසා මේක අනාගතයට සවිමත් වැඩ පිළිවෙලක්. (ස)

:       0       0

මදුශානි Friday, 09 May 2014 06:45 PM

නවක වදය විඳීමට කැමති උදවිය සිටිත් නම් රජයේ විශ්ව විද්‍යාල වලට යන්න. අනෙක් අය මේවට යන්න (නි)

:       0       0

ශානි Friday, 09 May 2014 06:45 PM

කොච්චර හොඳද මෙහෙමම වෙනවා නම්? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 08 May 2014 06:38 PM

මටත් ආසයි වෛද්‍යවරයෙක් වෙන්න (නි)

:       0       0

සත්‍යපාල Thursday, 08 May 2014 12:51 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරලා විදේශීය විනිමය ඉතිරි කරන හැටි හෝ උපයන හැටි කාට හරි පහදලා දෙන්න පුලුවන්ද? මේවා ආරම්භ කරන්නේ විදේශීය ආයතන,ආයෝජන මණ්ඩලයේ ව්‍යපෘති නිසා මේවායෙන් රටට බදු අය කරගන්නත් බැහැ.ඒක නිසා ලැබෙන ලාභය සියල්ල මේගොල්ලෝ පිටරට අරන් යයි.අනික විදේශීය ශිෂ්‍යයෝ අපේ රටට එයි කියලා කියන්නේ කොහොමද? ලංකාවේ විතරද විශ්ව විද්‍යාල තියෙන්නේ?මේ අලුතින් ආරම්භ කරනවයි කියන විශ්ව විද්‍යාල වලට වඩා හොඳ විශ්ව විද්‍යාල අපේ කලාපයේ නැද්ද?ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න සුදුසුකම් නැති සල්ලි තියෙන පවුල් වල දරුවන්ට නම් මේවා හොඳයි. ඊටපස්සේ දුප්පත් දෙමාපියන්ගේ දරුවනුත් ගේ දොර ඉඩකඩම් උගස් තියලා හරි මේවට යයි.ඊට පස්සේ වෙන්නේ රටේ උසස් අධ්‍යාපනයට රජයෙන් වෙන් කරන මුදල් අඩුකරන එකයි.විශ්ව විද්‍යාල වල උගන්වන අාචාර්ය මහාචාර්යවරනුත් ඉහළ වැටුප් වලට මේවට යයි. ඊට පස්සේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඉබේටම වැහිලා යයි (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 08 May 2014 08:34 AM

ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති සහ අන්තරේ කට්ටිය එකතුවෙලා නිදහස් අධ්‍යාපනය සහ දේශීය විශ්ව විද්‍යාල පද්දතිය බාල්දු කිරීමේ ව්‍යාපෘතිය ජයටම කරන නිසා ඔය පුද්ගලික මුදලාලිලාට ගජ වාසියි.(නදී)

:       0       0

සිංහ Wednesday, 07 May 2014 09:51 PM

මම නම් පුද්ගලික දොස්තර වරුන්ගේ උපාදියට නම් විරුද්ධයි .. ඒත් හොද පාඩම් පොඩ්ඩක් වාසනාව නිසා කැම්පස් ගියපු උන්ට. පොඩ්ඩක් ඔලුව ඉදුම්මගෙන කෑගහන අයට මෙන්න කිවා දැන්වත් හොදට වැඩ කරලා රටට වැඩක් ඇති මිනිහෙක් /ගැහැනියක් වෙයල්ලා. මොන කැම්පස් ආවත් අපි පිලිගන්නවා උඹලා මොලකාරයෝ කියලා.(නදී)

:       0       0

වාසනා Wednesday, 07 May 2014 12:43 PM

නීරෝගීව ඉන්න උත්සාහ කරන්න (දී)

:       0       0

මහින්ද Wednesday, 07 May 2014 11:47 AM

දේශීය විශ්ව විද්‍යාලවල පාලනය බිද දමමින්, උගෙනුමට වෙර දරන අසරණ සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන, මහමග නොලැබෙන හකුරට සැමදා අඩන කලහකාරී සිසු ත්‍රස්තවාදීන් සැමදා මහමග තබා අවසානයේ ගෙදර යැවීමට කදිම මගක්. ජයවේවා! මැතිදුනි, ඔබට ජයෙන් ජය- අපි උඩුනුවර!!! (ස)

:       0       0

බුද්ධික Saturday, 26 April 2014 09:06 PM

ධම්ම..මම කැමතියි ඔයාගේ දරුවාගේ පළමු ලෙඩා ඔයා වෙනවනම් මොකද..එස් 3 ගත් කෙනෙක් ගේ දක්ෂයතාව බලන්න.... (දී)

:       0       0

රාමා Monday, 28 April 2014 09:18 AM

රණතුංග, ඔයා ඔය කියන දොස්තර විභාගෙට ලංකාවේ ඉගෙන ගත්ත ලාංකිකයෙකුයි පිටරට ඉගෙන ගත්ත ලාංකිකයෙකුයි තිබ්බොත් පිට රට කෙනා හොඳට පාස් වෙනවා. වෙලාවට ලංකාවේ ළමයින්ට එහෙම විභාගයක් නෑ. ලෙඩ්ඩු මැරෙද්දී ස්ට්‍රයික් කරන ඒවාට කවුද වග කියන්නේ. (ස)

:       0       0

චමින්ද Monday, 28 April 2014 01:54 AM

දකුණු ආසියාවේ රටවල් වල තියෙන විශ්ව විද්‍යාල ගැන නම් කියනු එපා.ඕවට කියන්නේ විශ්ව විද්‍යාල කඩ කියලා.එංගලන්තයේත් ඕනෑම සහතිකයක් සල්ලි වලට ගන්න තියෙනවා නම් දකුණු ආසියාව ගැන කුමන කතාද ? (දී)

:       0       0

දීපාල් Sunday, 27 April 2014 11:42 PM

අධ්‍යාපනය හා බුද්ධිය යන්න දෙකක් මිස එකක් නොවෙයි . උපාදිය යන්න සුදුසුකමක් මිස බුද්ධියමනොවේ .අර්චාර්ය මහාචාර්ය තානාන්තර ඇති සියල්ලෝම බුද්ධිමතුන් නොවේ. බුද්ධිමතුන් බිහිකල හැකිනම් මුදල් නමැති හුවමාරු ඒකකයට වටිනාකමක් එක්කල හැකිය (දී)

:       0       0

මංජුලා Sunday, 27 April 2014 09:55 PM

මේ පෞද්ගලික සරසවි වල අපි වගේ දුප්පත් අයට ඉගෙන ගන්න බැහැනේ (දී)

:       0       0

කුසුම් Sunday, 27 April 2014 03:14 PM

පමාවී හෝ පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ පිහිටුවීමට පියවර ගැනීම ගැන උසස් අද්‍යාපන ඇමති වරයාට අප ස්තුති වන්ත වියයුතුයි. උසස් පෙළ සමත්වී රජයේ විශ්ව විද්‍යාලයට ප්‍රවේශවීමට අවස්ථාවක් නොලද සිසුන් තම පුද්ගලික වියදමින් අද්‍යාපනය ලැබ, වෛද්‍ය වරයෙක් හෝ වෙනත් තනතුරකට පත්වීම වරදක්ද? ඉතා හොඳින් උසස් පෙළ සමත් සිසුවාට නොමිලේ උසස් අද්‍යපනයත්, විභාගය සමත් අනෙක් සිසුන් තම වියදමින් අද්‍යාපනය ලබා ගැනීමේත් ඇති වරද කුමක්ද? දැනටමත් ලෝකයේ අනෙක් රටවල්ද දකුණ ආසියාවේ ඉන්දියාව, බංගලිදේශය වැනි රටවල් වලට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලංකික සිසුන් සංක්‍රමණය වන අවධියක එම සිසුන් අප රටේ සිටිමින් ඉගෙන ගැනීම නරකද? අනෙක් රටවල් වලට ක්‍රමවත් ලෙසත් විධිමත් ලෙසත් මෙම පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වා ගෙන යාමට හැකි නම් අපට එසේ කිරීමට බැරිද? මා නම්, සමහරුන්ගේමේ විරුධත්වය දකින්නේ, කුහක කමක් ලෙසයි. අද රාජ්‍ය විශ්ව විද්‍යාල වල නොමිලේ අද්‍යාපනය ලබන සිසුන් නිකරුනේ කරන අරගල හේතුවෙන් ඔවුන් ලබා ගන්නා දැනීමේ හා බුද්ධියේ ගුනාත්මක භාවය පිරිහෙමින් පවතින යුගයක, පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන් හා තරඟයට මෙන් ඔවුන් තම අද්‍යාපන කාර්යය දැනට වඩා ක්‍රමවත් ලෙසත් කාර්යක්ෂම ලෙසත් කිරීමට වඩා උනන්දු වනු ඇති බව මාගේ හැඟීමයි. (දී)

:       0       0

සේනක Sunday, 27 April 2014 02:12 PM

පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා ලංකාවේ අධ්‍යාපනය විනාශ වෙන්නේ කොහොමද (දී)

:       0       0

රණතුංග Sunday, 27 April 2014 07:35 AM

මම ඉන්න රටේ වෛද්‍ය වරයෙක් වීමට ඉගනගැනීම අවුරුදු පහකින් නිම කිරීමට නම්,උසස් පෙළ ලකුණු මට්ටම 99.5% ත් 99.9% ත්අතර ලකුණු ප්‍රමාණයක් තිබිය යුතුයි.98% ත් 99.4% අතර ලකුණු ගන්නා සිසුසිසුවියන් තවත් වැඩිපුර අවුරුදු දෙකක් වැඩිපුර එම පාඨමාලාව කල යුතුයි.ඉතින් දෙමව්පියන්ට මුදල් තිබු පමණින් ලංකාවේ උසස් පෙළ අඩු ලකුණු ගත අයට මෙවැනි වගකීම් සහිත භාරදුර පාඨමාලාවක් කිරීමට ඉඩ දීම මොනතරම් අනුවන ක්‍රියාවක්දැයි මෙතන සමහරුන්ට නොතේරීම කනගාටුවට කරුණකි .සුදුසුකම් ඇති වෛදවරයෙක් විය යුත්තේ අඩු ලකුණු ගත්, දෙමව්පියන්ට යහමින් මුදල් හදල් ඇති, උසස් පෙළ සිසුසිසුවියන් නොව ඉතා ඉහල මට්ටමක උසස් පෙළ ලකුණු ලබා ඇති සිසුසිසුවියන්ය. (දී)

:       0       1

ධම්ම Sunday, 27 April 2014 02:13 AM

ඇයි මට විතරක්. සියලුම 'එස්' තුනේ දොස්තරලාගේ දෙමවුපියන් වෙනුවෙන් බුද්ධික ගේ ප්‍රාර්ථනය ඉටුවේවා! (නදී)

:       0       0

සෙලන්සියුස් Sunday, 27 April 2014 12:17 AM

උසස් පෙළ ප්‍රතිපලය මොක උනත් කමක් නැහැ, ඉන් පසුව ලබන අධ්‍යාපනයෙන් වෘතියට අදාල අද්‍යාපනය හොඳින් ලබා ගන්නවා නම්. උදාහරණයකට: ලෙඩුන්ට බෙහෙත් කිරීමට අවශ්‍ය වෙන්නේ අති දක්ෂ උසස් පෙළ ශිෂ්‍යයින් නෙමේ සුදුසුකම් සහිත වෛද්‍යවරුන්. (නදී)

:       0       0

තිලක් Saturday, 26 April 2014 10:32 PM

ඇයි අපේ විශ්ව විද්‍යාල වලට ආධාර ලැබෙන විදියට පුද්ගලික සරසවි ආරම්භ කරන්න බැරි? එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ශා වෙන අතරම රජයට සෘජු ආදායමක් ලබන්න පුලුවන්. දැනට පවතින විශ්ව විද්‍යාල පරිශ්‍ර නොවන පරිශ්‍ර වල විශ්ව විද්‍යාල ගොඩනැගීමෙන් පසු, ලංකාවේ ආචාර්ය මහාචාර්ය වරුන් යොදවා ඉගැන්වීම සහ පරිපාලනය කල හැකියි. එතකොට වෙන රටවල විශ්ව විද්‍යාල වලට යන සල්ලි විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුලුවන්.(ස)

:       0       0

ධම්ම Monday, 28 April 2014 09:26 AM

දීපාල්ගේ නිර්වචනය බර වැඩියි. මට අවශ්‍ය මගේ ළමයාට පිළිගත් වෛද්‍ය උපාධියක්. අධ්‍යාපනය, උගත්කම, බුද්ධිය එයට අදාළ නැහැ. පෞද්ගලික හෝ ආණ්ඩුවෙන් ඒක කෙරෙනවා නම් අපි ගොඩ. ඒ නිසා මේ වැඩේට මා කැමතියි. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 26 April 2014 09:16 PM

අපේ දරුවන්ට ගොඩක් වටිනවා, අපි එතින් කරදර විදගෙන නේ සරසවි ගියේ පන බයේ ගැහි ගැහි නවක වදය, පෙළපාලි, ගුටිබැට, දැක දැක නාකි වේවි උන්නා. අනාගතේ හොද වේවි.(නදී)

:       0       0

රණතුංග Saturday, 26 April 2014 07:44 PM

මම නම් කියන්නේ පුද්ගලික සරසවි වලින් මොන උපාධි ගත්තත්,උසස් පෙළ ලකුණු අඩු කෙනෙකුට එම සරසවි වලින් දොස්තර උපාධිය ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා නම් ඇහිරිය යුතුයි.රජය එම උපාධි පිලිනොගත යුතුයි.එසේ නැතහොත් ලංකාවේ දොස්තර වරයකු ලෙස ලියාපදිංචි වීමට නම් රජය මගින් පවත්වන විභාගයකට මුහුණදී එය සමත් වන අයට පමණක් එම ලියාපදිංචිය දිය යුතුයි. මා සිටිනා රටේහි, පිටරට උපාධි ඇති දොස්තරවරුන්ට එරටෙහි සේවය කල හැක්කේ එවැනි විභාගයකින් සමත් වුව හොත් පමණි. (දී)

:       0       0

ඉන්දික Saturday, 26 April 2014 06:03 PM

සම්පත්, එස් තුනෙන් උනත් කමක් නැහැ අවසන් පරීක්ෂණය ඔක්කොම එකට කරනවා නම්. එතකොට කාගේත් දැනුම එකනේ.(නදී)

:       0       0

සම්පත් Saturday, 26 April 2014 04:15 PM

මේක කළයුතු දෙයක්. හැබැයි එස් තුනේ දොස්තරලා එනකාලෙ වෙනකොට දොස්තරගෙ පැටිකිරිය හොයලා බෙහෙත් ගන්නත් මිනිස්සු පුරුදු වෙයි. (අ)

:       0       0

ධම්ම Saturday, 26 April 2014 03:09 PM

මගේ ළමයා කොහොම හරි 'එස්' තුනක් ගොඩ දාගත්තා නම් ඉතිරි හරිය මං බලා ගන්නම්. මට හරිම සතුටුයි අපේ පවුලටත් දොස්තර කෙනෙක් එකතු කර ගැනීමට මග පාදා දීම ගැන.(නදී)

:       0       0

රාමා Saturday, 26 April 2014 02:00 PM

බොහොම කලින් කරන්න තිබුන වැඩක් රටේ සල්ලි වගේම විදෙස විනිමයත් උපාය ගන්න හොඳ අවස්ථාවක්. (අ)

:       0       0

නුවන් කටාර් Saturday, 26 April 2014 01:47 PM

අපේ රටේ ආර්ථික තත්වයේ හැටියට හැම සුදුස්සාටම විශ්ව විද්‍යාල අධ්‍යාපන පහසුකම් ලබා දීමට අමාරු නිසා ( එය එසේ නොවිය යුතු වුවත්), අඩුම තරමින් යම් තරමින් වියදම දරා ගත හැකි කෙනෙකුටවත් තමන්ගේ අනාගතය සකසා ගත හැකි වෙනු ඇත. පිටරටකට ගිහින් එම විශ්ව විද්යාල වලින් අධ්‍යාපනය ලබා ගැනීමට නම් ඇති විශාල වියදමක් දැරීමට සිදුවනු ඇත. බොහෝමයක් අපේ දුප්පත් දෙමුපියන්ට එය කල හැකි දෙයක් නොවෙයි. අනික, එක් ලකුණක හෝ ලකුණු කිහිපයක අඩුවක් නිසා (එම ලකුණ හෝ ලකුණු කිහිපය ශිෂ්‍යාගේ දක්ෂතාව තීරණය කරන්නක් නොවන හෙයින්) විශ්ව විද්යාල වරම් අහිමි වන දරුවන්ට මෙම විශ්ව විද්යාල මහත් පිටිවහලක් වනු ඇත. (අ)

:       0       0

චමින්ද Saturday, 26 April 2014 09:58 AM

අලුත් පුද්ගලික සරසවි එනකොට ,දැන්වත් සරසවි වල නොමිලේ ඉගෙන ගන්න අය හර්තාල්,උද්ගෝෂණ අඩු කරලා ඉගෙන ගත්ත නම් හොදයි.නැත්නම් පුද්ගලික සරසවි වල අය පාඨමාලාව ඉවර කරලා හොද රක්ෂාවල් කරන කොට, අනිත් අයට ජීවිත කාලය පුරාම උද්ගෝෂණ, හර්තාල්, කර කරම ඉන්න පුළුවන්. (අ)

:       0       0

සුමේද Saturday, 26 April 2014 09:04 AM

දුප්පතා දොට්ට.(නදී)

:       0       0

සජිවනි Tuesday, 29 April 2014 03:28 AM

පෞද්ගලික විශ්ව විද්යාල වල ඇති වරද කුමක්ද (දී)

:       0       0

ජයලත් Wednesday, 30 April 2014 07:13 PM

රණතුංග, ඔබ සිටින රට ඕස්ට්‍රේලියාවද? (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 30 April 2014 06:00 PM

ධම්ම, ඔයා කියන විදියට රටේ හැමදෙනාම එක විදිහට දුප්පතුන් වූවා නම් රජයට මේ තරම් බදු එකතු කිරීමේ අවශ්‍යතාවයක් නැතිවෙන්නේ කොහොමද? එහෙම වුණහම රජයට ඉබේහ ආදායම් ලැබෙනවද? බදු එකතු කරලා අතලොස්සක් සල්ලිකාරයින්ගේ සුඛවිහරණය සඳහා යොදාගන්නා අවස්ථා ඇත්නම් කියන්න බලන්න. (නි)

:       0       0

ධම්ම Wednesday, 30 April 2014 06:12 PM

අප පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එකඟයි. නමුත් ලකුණු දෙකක් අඩු අය ඇතුළත් කරගැනීමට විරුද්ධයි. (නි)

:       0       0

නෙළුම් Wednesday, 30 April 2014 04:48 PM

රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන උපාධාරින් බහුතරයක් හට රැකියා අවස්ථා නොලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රායෝගික කුසලතා ඉතා අවම මට්ටම් වල පැවතීම නිසයි. අඩු වශයෙන් තමන්ගේ සේවය ලබා ගැනීමට එන කෙනෙකුට කතා කරන්නවත් දන්නේ නැහැ. දෙමවුපියන් සහ රජයේ මුදල් වලින් අතට පයට හැම දෙයක්ම කෙරුනු නිසා අඩු වශයෙන් කාර්යාලයක කඩිසරව වැඩක් කිරීමටවත් බැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ගේ රැකියා සඳහා අත්‍යාවශ්‍ය කුසලතා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. (නි)

:       0       0

සාලිය Wednesday, 30 April 2014 04:44 PM

අපේ සුභාශිංශන පිරිනමමු! මෙවැනි දේ තුළින් ‍විදේශ විනිමය පිටරටට ගලා යාම නතර වෙනවා පමණක් නොව මුදල් ඇත්නම් ඕනෑම අයෙකුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවේ (නි)

:       0       0

නිශා Wednesday, 30 April 2014 05:23 PM

මම උසස් පෙළ කරලා කොළඹින් වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු 2 ක් මදි වුණා. නමුත් කොළඹට ඇවිල්ලා ටියුෂන් ගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශිෂ්‍යාවක් අද දොස්තර කෙනෙක්. සැත්කමක් වැරදිලා රෝගියෙක් මිය ගිහින්. මම ලකුණු දෙකක් අහිමි වූ කරුමය නිසා ඇති වූ කළකිරීමෙන් පුද්ගලික අංශයේ රැකියාවකට ගිහින් ගණකාධිකරණය හැදෑරුවා. ඉතා හොඳින් කාර්යක්ෂම සේවයක් මගෙන් ආයතනයට සිදු වෙනවා. රජයේ විශ්ව විද්‍යාලවල දිස්ත්‍රික් ක්‍රමයට අසුවෙන අයට ලොකු අසාධාරණයක් සිදුවෙනවා. ඒ නිසා මම නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එකඟයි (නි)

:       0       1

ධම්ම Wednesday, 30 April 2014 03:25 PM

සෙලනිකස් ඔය සිහිනයෙන් අවදි නොවීම ඉන්න. නිදහස් අධ්‍යාපනය කියන්නේ එක අතකට රටේ සම්පත් සමව බෙදී යාමක් බව තේරෙන්නේ නැද්ද. ඔබ කියන විදියට රටේ හැමදෙනාම එක විදිහට දුප්පතුන් වූවා නම් රජයට මේ තරම් බදු එකතු කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ නේද. මේ බදු එකතු කරන්නේ ඔය අතලොස්සක් සල්ලිකාරයින්ගේ සුඛවිහරණය සඳහා මිසක් දුප්පතුන්ට බෙදා හරින්න නොවේ.දුප්පත් අයටත් ඒ බදු බර බෙදිලා යනවා.මොනවද මේ කියන්නේ. (දී)

:       0       0

ගුණරත්න Wednesday, 30 April 2014 12:18 AM

ඔයාලට හොඳ නම් අපිට මොකද? කොහොම වුණත් නේපාල්,ප‍ාකිස්තාන්, බංග්ලාදේශ්, ඉන්දුනීසිය රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වුණදේම ලංකාවටත් වෙයිද දන්නෙ නැහැ. මේ විනාශය කොච්චර පැහැදිලි කළත් ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඒක හින්දා මම නම් කියන්නේ සරසවි වල ඉන්න ළමයි මේවට කෑගහල‍ා වැඩක් නැහැ. (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 29 April 2014 06:45 PM

නිදහස් හෝ නොමිලේ දෙන අධ්‍යාපනය කියා දෙයක් නැහැ. ඒ බරපැන කවුරුන් හෝ දරනවා. ලංකාවෙ නම් එය දරන්නේ රජය, ඒ කියන්නේ බදු ගෙවන මහජනතාව. මෙතන බොහෝදෙනා පෝසතුන්ට බැන්නට හරියට බැලුවොත් සහනාධාර බොහොමයකට අවශ්‍ය බදු වැඩි ප්‍රමාණයක් ගෙවන්නේ පොහොසත් අය. ඔවුන් තමා වැඩි පරිභෝජනය, සැපපහසු භාණ්ඩ, වාහන භාවිතය, වැඩිපුර අාදායම් බදු, මිල අධික විදුලිබල එ්කක වැනි ක්‍රම හරහා වැඩි බදු ප්‍රමාණයක් ගෙවන්නේ. හිතලා බලන්න රටේ හැමදෙනාම එක විදිහට දුප්පතුන් වූවා නම් රජයට අවශ්‍ය අාදායම ලැබෙන විදිහට බදු ගෙවන්න කෙනෙක් නැතිවෙනවා. එහෙමත් නැත්නම් දුප්පත් අයටත් ඔවුන්ට ඔරොත්තු නොදෙන තරම් බදු වලට කරගහන්න වෙනවා. මේක තමයි නේද තිත්ත ඇත්ත? (නි)

:       0       0

අමිල සිංග Tuesday, 29 April 2014 07:52 AM

නුවන් කියන දේ හරි. ලංකාවේ බස් කොන්දොස්තරලා දිහා බලන්න. එයාල නොවැරදී ගණන් හදන විදිහට උගතුන්ටවත් හදන්න අමාරුයි. නමුත් ඔවුන් පාසල් ගිය කාලයේ ගොඩක් දෙනා ගණිතය අසමත්. ලංකාවේ ගොඩක් දෙනා කියනවා, මට ඒ කාලේ උවමනාවක් තිබුනේ නෑ.. දැන් පරක්කු වැඩියි කියල. ඔවුන්ට පුද්ගලික විශ්ව විද්‍යාලය හොඳ විසඳුමක්. (ස)

:       0       0

මාලි Saturday, 26 April 2014 02:19 AM

ගොඩක් කලින් කරන්න තිබුන වැඩක් , සුභාසිංසන පුදමි.(නදී)

:       0       0

ඉස්මිල් Tuesday, 29 April 2014 12:01 AM

වෛද්‍ය උපාධියක් කීයක් වගේ වෙයිද? මටත් ආසයි වෛද්‍යවරයෙක් වෙන්න. (දී)

:       0       0

චන්දික Monday, 28 April 2014 02:04 PM

රාමා, මට කියන්න වෛද්‍ය වැඩ වර්ජනයක් නිසා මිය ගිය එක රෝගියෙකුගේ නමක්. (ස)

:       0       0

සුසන්ත බණ්ඩාර Monday, 28 April 2014 01:51 PM

වෛද්‍ය උපාධියයි අනිත් උපාධියි පටලවා ගන්න එපා.මගේ නම් අදහස පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබා ගන්නා වෙන ඕනෑම උපාධියක් රජය පිළිගත්තත්, උසස් පෙළ අඩු ලකුණු ගත් සිසුන්ගේ එම වෛද්‍ය උපාධිය රජය පිලි නොගත යුතුයි. (ස)

:       0       0

රණතුංග Monday, 28 April 2014 02:12 PM

මේ රටේ නොමිලේ අධ්‍යාපන ලැබිය හැකි විශ්ව විද්‍යාල නොමැත. නමුත් අවශ්‍ය පාඨමාලාවට, අවශ්‍ය උපරීම ලකුණු ලැබුවහොත්, ශිෂත්වයක් සඳහා ඉල්ලුම් කර නොමිලේ ඉගෙන ගත හැකිය.ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෙත් නැත.ඒ වාගේම විශ්ව විද්‍යාල මුදල් අය කරයි කියා, නියමිත පාඨමාලාවට අවශ්‍ය ලකුණු ප්‍රමාණය නොමැති නම්, කිසි විටක සිසුන්ට එම පාඨමාලාව කිරීමට ඉඩ දෙන්නෙත් නැත.එයට හේතුව, ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මෙරටෙහි විශ්ව විද්‍යාල ඉතාමත් ඉහලම තලයක තිබෙන අතර, මුදල් ගැනම සිතා අඩු ලකුණු ගත් සිසුන් ගැන, එම තත්වය පහතට දමා ගැනීමට, මෙරට විශ්ව විද්‍යාල අකමැති වීමයි. (ස)

:       0       0

මගරි Monday, 28 April 2014 01:44 PM

ලංකාවේ නීති පීඨයට ඇතුල් වෙන්න බැරි සිසුන්ට ඉගෙන ගන්න නීති විද්‍යාලයක් තියෙනවා. ඝනකාධිකරණය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය ආදියටත් එහෙම ඉගෙන ගන්න උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. දොස්තර අධ්‍යාපනයටත් එලෙස පහසුකම් තිබිය යුතුය. විද්‍යාව තාක්ෂණය අතින් දියුණු රට වලින් අපේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්න බැරි සිසුන්ට පිළිගත් උපාධි ලබා දෙනවනම් ලංකාවෙන්ම උපාධියක් ගන්න ඉඩ සලසන එකේ ඇති වැරැද්ද මොකද්ද? (ස)

:       0       0

විජිත් Monday, 28 April 2014 01:02 PM

ගොඩක් කලින් කරන්න තිබුණ දෙයක්. තරගකාරී අධ්‍යාපනයක් ඇතිවේවී. දුප්පත් දරුවන්ට අපේ සරසවි වලට වැඩිපුර අවස්ථාව ලැබේවී. පාරවල් ගානේ බෝඩ් උස්සන් ඉන්න අය නැතිවේවී (ස)

:       0       0

නුවන් කටාර් Monday, 28 April 2014 12:34 PM

එක් එක් දරුවාගේ බුද්ධි වර්ධනය වයසත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසයි යන්තම් සා/පෙළ පාස් වුණ ළමයි ඉතා හොඳින් උ/පෙළ පාස් වෙන්නේ. එම නිසා එස් 3ක් ලබා ගත් පමණින් එම දරුවා වෛද්‍ය විද්‍යාලයට හෝ ඉංජිනේරු විද්‍යාලයට නොසුදුසු යැයි නිර්ණය කළ නොහැකියි. කුමන විශ්ව විද්‍යාලයට කෙසේ ගියත් අවසානයේ එම විභාගයට අදාල සුදුසුකම් සපිරීමෙන් පමණක් උපාධිය ලබා ගත හැකියි. හැම දුප්පතාටම මෙය කළ නොහැකි වුණත්, අඩුම තරමේ පුළුවන් කෙනාටවත් යමක් කරගන්න පුළුවන්. එහෙමත් බැරිනම්, කියන්න තියෙන්නේ ඒ දරුවාගේ අවාසනාව කියලා තමයි. රජයට ඒ සම්බන්ධයෙන් යමක් කළ හැකියි. එසේම, බුද්ධි මට්ටම අනුව අධ්‍යාපනය හැදෑරිය හැකි ක්‍රමයක් හඳුන්වා දිය හැකිනම් මෙම විෂමතාවය අඩු කළ හැකියි. (නි)

:       0       0

අමිල සිංග Monday, 28 April 2014 10:31 AM

ප්‍රමිතියෙන් යුතු විශ්ව විද්‍යාල ගෙනාවොත් තරගකාරීත්වය තුළින් අපගේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතියද වැඩි කරගත හැක. මුදල් ඇති අය පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුල් වුවහොත්, දුප්පත් වැඩි දෙනෙකුට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත හැක. බොහෝ උපාධි පාඨමාලා වල අවම සුදුසුකම s3 තමා, තරගකාරීත්වය නිසා ඉහල සාමාර්ථ අවශ්‍ය වුණාට. (ස)

:       0       0

ලුම්බිණි Monday, 28 April 2014 10:10 AM

ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරන ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය නිසා වැඩි ලකුණු ලබපු ළමයින් ඉන්දෙද්දී අඩු ලකුණු ගත් අය විශ්ව විද්‍යාලයට යනවා. එහෙම තිබෙද්දී පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන එක වැරදියි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site