IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබාදෙමින් Uber Black මෙරටට


Uber සිය ප්‍රමුඛතම ප්‍රිමියම් ගමන් සේවය වන Uber Black පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. වැඩි සුවපහසුවක්, උසස් ගුණාත්මකභාවයක් සහ සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් අපේක්ෂා කරන මගීන් වෙනුවෙන් මෙම සේවය නිර්මාණය කර ඇත.

ගුවන් තොටුපොළ ගමන්, ව්‍යාපාරික හමුවීම් සහ විශේෂ අවස්ථා සඳහා සුදුසු Uber Black සේවය Premium Compact SUV සහ SUV රථවලින් සමන්විත වේ. එමෙන්ම ඉහළ ඇගයීම් ලත් තෝරාගත් රියැදුරු හවුල්කරුවන්ගේ සේවය ද මෙහිදී හිමිවේ.

ගමන ආරම්භ කිරීමට පෙර මගීන්ට තම කැමැත්ත අනුව උෂ්ණත්වය තෝරාගැනීම, ගමන් මලු‍ සඳහා සහාය ඉල්ලීම සහ නිහඬ ගමන් වාරයක් තෝරාගැනීම වැනි පහසුකම් ද ලබාගත හැකිය.

Uber Black හඳුන්වාදීමත් සමග Uber සිය ප්‍රවාහන සේවා පරාසය තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට සාමාන්‍ය මෝටර් රථ ගමන් සහ ඉහළම මට්ටමේ ප්‍රිමියම් සේවා දක්වා විවිධ ප්‍රවාහන විකල්ප එකම Uber යෙදුමක් හරහා ලබා ගැනීමට මගීන්ට අවස්ථාව සැලසේ.

Uber ශ්‍රී ලංකා කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, මගීන්ගේ විවිධ අවශ්‍යතා සහ අපේක්ෂාවලට ගැලපෙන උසස් ගමන් අත්දැකීම් ලබාදීමේ වැදගත් පියවරක් ලෙස Uber Black හඳුන්වා දෙන බවයි.



අදහස් (0)

ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබාදෙමින් Uber Black මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site