ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (SLA) සඳහා මහජන අරමුදල් හරහා රුපියල් බිලියන 20 ක ඇපකරයක් ලබා ගන්නා බව රජය පවසයි. මෙය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2025 වසරේ අයවැය මගින් ශ්‍රී ලංකන් ණය පියවීම සඳහා රුපියල් බිලියන 20 ක් වෙන් කිරීමකි.
ගුවන් මගින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රමුඛ සේවයක් ඉටු කරන බව දිසානායක පාර්ලිමේන්තුවට පැහැදිලි කර ඇත.
තවද රාජ්‍ය අයිතිය අත්හැර පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පෙර ආණ්ඩු දැරූ උත්සාහ ද අසාර්ථක වී ඇත.
ඒ අනුව, රජය එම බැංකු සමග ගිවිසුමක් අත්සන් කර 2025 දී ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් සහ පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කරනු ඇති බවද පැවසෙයි.
ශ්‍රී ලංකන් ණය පියවීමට රුපියල් බිලියන 20ක්
ගුණරත්න Wednesday, 19 February 2025 08:41 PM
මේවා තමයි මහජන මුදල් පුච්චන වැඩ...