නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයෝජකයන් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ.
යෝජිත ගිවිසුමට අත්සන් තැබීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට මෙන්ම, ආයෝජන සහ වෙළෙඳාම ආශ්‍රිත ක්ෂේත්‍ර වල දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට යෝජිත ගිවිසුමට නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්