IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ලක්ෂ 80 ක් රැකියාවල

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 80ක් පමණ වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම ජනගහණයෙන් 46%ක් සේවා අංශයේ ද 27.1%ක් කෘෂිකාර්මික අංශයේ ද තවත් 26.8%ක් කර්මාන්ත අංශයේ ද සේවකයෝ වෙති.
තවද එම රැකියා නියුක්ත ජනගහණයෙන් 68%ක් ම සතියකට පැය 40කට වඩා වැඩකරන ජනතාව වන බවද එම දෙපාර්තමේන්තුව කළ ශ්‍රමබල සමීක්ෂණයකදී තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිකයන්ගේ ප්‍රමාණය 4.5%ක් බවද එම දත්ත පෙන්වාදෙයි.
 



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ලක්ෂ 80 ක් රැකියාවල

abaran Tuesday, 14 March 2017 05:18 AM

ලංකාවේ ජනගහන අනුපාතය අනුව 38% ක ප්‍රමාණයක් තමයි රැකියා කරන්නේ...

:       2       10

krish.know Wednesday, 22 March 2017 01:47 PM

එම ගණනයට , වයස 18 අඩු සහ අබාධිත අය අදාල වන්නේ නැති බවයි මගේ හැගීම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site