IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් 28 වැනිද‌ා ඇරඹේ

භානුක අමරසිංහ


ලංකා වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lank Economic Summit) ලබන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භවීමට නියමිතය. 

ජනවාරි 29 දක්වා දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව Shaping Sri Lanka’s Future: Transformational - Growth Rooted in Sound Economic Policies  යන තේමාව යටතේ සංවිධානය වෙයි.
සමුළුවේ ආරම්භය සනිටුහන් කරමින්, තිරසාර ආර්ථික සංවර්ධනයක් යන දැක්ම යටතේ පැවැත්වෙන Fireside Chat  අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙයි. ඊට ලංකා වාණිජ මණඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟු‍මාල් තෙවරතන්ත්‍රි මහතාද සම්බන්ධ වෙයි. එසේම ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුද ඊට එක් වෙති.
සමුළුවේ දෙවැනි දිනය යටතේ පැවැත්වෙන Fire Side Chat  අවස්ථාවට ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථිකය සඳහා වන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සම්බන්ධ වෙයි. එම සාකච්ඡාව ‘Shaping Sri Lanka’s Digital Economy Roadmap’  යන තේමාවෙන් පැවැත්වෙයි. එය මෙහෙයවීම Surge Global  හි නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර මහතා විසින් සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් 28 වැනිද‌ා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site