IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශ්‍රී ලංකා-ඉන්දුනීසියා සංචාරක අවස්ථා පුළුල් කෙරේ

නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකවේ සහ ඉන්දුනීසියාවේ සංචාරක අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

වෙළෙඳාම, සංචාරක, තාක්ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද දෙරටේ අවධානය යොමු විය.

ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපතිවරිය සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.



අදහස් (0)

ශ්‍රී ලංකා-ඉන්දුනීසියා සංචාරක අවස්ථා පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site