IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 බදු පෙර ලාබය රු. බිලියන 30.7 ක්

  • දළ වාරික ආදායම් අගය රු. බිලියන 26.3 ක්. සියයට 25 ක වර්ධනයක්
  • 2024 දී සියයට 48 ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන 5.3 ක්. 
  • හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 13.7 ක සුවිශේෂී ගෙවීමක්. මසකට රුපියල් බිලියන 1.15 ක සාමාන්‍යයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාබයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක්  (GWP) වාර්තා කළ අතර, එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 25 ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර, එය සියයට 48 ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.

සභාපති නුසිත් කුමාරතුංග සමූහ ප්‍රධාන විධායක නිලධාරී 
චන්දන එල්. අලුත්ගම

පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 දී රුපියල් බිලියන 13.7 ක හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ගෙවීම් ලබා දුන් අතර, මෙම ප්‍රතිඵල සමාගමේ මූල්‍ය ශක්තිය සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම් පෙන්නුම් කරයි. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, SLICLL සිය වත්කම් පදනම රුපියල් බිලියන 237 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 213.2 දක්වා වර්ධනය කර ගන්නා ලදී. ආයතනික පරිවර්තන සහ අභියෝගාත්මක ආර්ථික තත්වය මධ්‍යයේ මෙම සියලු ජයග්‍රහණ ලැබීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වීම විශේෂත්වයකි. මෙයට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තා අලුත් කරමින් 319 ක ඉහළම MDRT (Million Dollar Round Table) ජයග්‍රහයකයන් සංඛ්‍යාව 2024 වසරේදී වාර්තා කිරීමට සමත් විය.

ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපායමාර්ග සමඟ රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත්‍රයේ ප්‍රකාශිත වැඩිම ජීවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2023 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 11.2 ක දැවැන්ත මුදලක් බෝනස් ප්‍රතිලාභ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර, පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 104 ඉක්මවා යයි. මෙම උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 සඳහා සිය ඉහළම බෝනස් දීමනාව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, ඒ පිළිබඳ නිල නිවේදනය නුදුරු අනාගතයේ දී නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා තම අදහස් ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කළේය. ‘‘නොයෙකුත් අභියෝග හමුවේ වුවද ආයතනය ලබාගත් සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන ජයග්‍රහණවලින් පිළිඹිබු වන්නේ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම, උත්සාහය සහ උනන්දුවයි. ආයතනික අභ්‍යන්තර වෙනස් වීම්, ආර්ථික හා සමාජීය බලපෑම් මධ්‍යයේ වූවද අපගේ විචක්ෂණ උපායමාර්ගික භාවිතයන්, නිරන්තර අවධානය සහ නොසැලෙන අධිෂ්ඨානය අපව වඩාත් ලාබදායී ආයතනයක් ලෙස ස්ථානගත කිරීමට සමත් වී ඇත. එසේම, නවෝත්පාදන, පාරිභෝගිකයන්ගේ විශ්වාසය, ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන නව රක්ෂණ සැලසුම් හඳුන්වා දීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කටයුතු කරයි.’’ 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ අවධාරණය කළේය.

‘‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ශක්තිය සහ ස්ථාවරත්වය තහවුරු කරමින් රටේ ආර්ථික ප්‍රගතිය සඳහා අඛණ්ඩ දායකත්වයක් නිරන්තරයෙන් ලබා දේ. අපගේ දීර්ඝකාලීන දැක්ම වන ‘සියලුදෙනාටම රැකවරණය’ ලබා දීමට ආයතනයක් ලෙස අප කටයුතු කරන අතර, ඒ තුළින් සමාජීය රැකවරණය කෙරෙහි රජය මත ඇති පීඩනය අවම කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වීම අපගේ අරමුණයි.

මූල්‍යමය සාර්ථකත්වයට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 දී තව දුරටත් ක්ෂේත්‍රයේ පිළිගැනීම දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව හත්වන වරටත් LMD විසින් ‘වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය’ ලෙස නම් කරන ලද අතර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  LMD Brand Finance විසින් ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත සමාගම් සියය අතරට නම් කරන ලදී. මීට අමතරවSLIC Life ‘Best Management Practices Company Awards  2024’ හිදී ඉහළම ගෞරව දිනා ගත් අතර, ඉහලම ශ්‍රේණිගත සමාගම් දහය අතරින් zInsurance - Public Sector Company’ ඛාණ්ඩයේ සම්මානය දිනා ගත්තේය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ මෙහෙයුම් විශිෂ්ටත්වයන්ට අනුකූලව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අභ්‍යන්තර ව්‍යාපාර ක්‍රියාවලින් වෙනුවෙන්, ISO 9001:2015, ISO/IEC 27001:2013 සහ ISO 14064-1:2018 යන තත්ව සහතික පිරිනමන ලදී. ලෝක ළමා දිනය දා අලුත උපන් බිළිඳුන්ගේ මවුපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් අඛණ්ඩව තුන්වන වසරටත් පිරිනැමීම, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පවුල් 1100 කට සහාය වීම, පොසොන් පොහොය වන්දනා සමයේ අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ට හදිසි ආධාර සැපයීම සහ සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන හරහා 2024 වසරේදී සිසුන් 370 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු සමාජ සත්කාර වැඩසටහන්වලට දSLIC Life දායක වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 බදු පෙර ලාබය රු. බිලියන 30.7 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site