විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් ඊයේ (27) සහ අද (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය.
මෙරට සාර්ව ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසන්ධානයද ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම කැතරින් වෙස්ට් මහත්මියගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයේ අරමුණ වී තිබුණි. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් කටයුතු සඳහා රුකුල් දෙන ආකාරයේ නව අපනයන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පියවර ගැනීමටද අමාත්‍යවරිය සිය නිල සංචාරයේදී සැලසුම් කළාය.
අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය ඊයේ (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණගැසී සාකච්ඡා කළ අතර අද (28) දිනයේ මානව අයිතිවාසිකම්, ප්‍රතිසන්ධානය, දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණදීම සහ සුළුතර ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා එක්සත් රාජධානිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අවධාරණය කිරීම පිණිස යාපනයේ සංචාරයක නිරත
වීමටද නියමිතය.
ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළඳ සබඳතා තර කෙරේ