විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 2.8 කින් 53,045 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,917,085 ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට 1,970,130 දක්වා සියයට 2.8 කින් ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මස අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654 ක් ලෙස සටහන් වී ඇති අතර ඒ අනුව මසක් තුළදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස අවසාන මාසයේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ යාමට පහළ යන පොලී අනුපාත හමුවේ මෙරට බැංකු විසින් සිදුකරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතු වන්නට ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 53,045 කින් ඉහළට