IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස ජෙනරල් අත්හැරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් සමාගම තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වයම හෝ ඉන් කොටසක් අලෙවි කිරීමට තීරණය කර ඇතැයි පවසයි. 

පසුගියදා රැස් වුණු සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙය සණස ජෙනරල් තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන උපායමාර්ගික සැලසුමේ කොටසක් බවත් සමාගම පවසයි. 

අද වනවිට සණස ජෙනරල් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 30,614,059ක් එනම් සියයට 53.5ක ප්‍රතිශතයක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී වෙත හිමිව තිබේ. 

 



අදහස් (0)

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස ජෙනරල් අත්හැරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site