සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතිය විදහා දැක්වීමක්
‘‘Sadaharitha Forestry Awards 2024’ පසුගියදා අත්තිඩිය Eagles’ Lakeside හි දී පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවන් ඇගයීමට ලක් විය. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ සහ ආරාධිත අමුත්තෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
සදාහරිත සමාගමේ දියුණුව වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙමින් ඉහළම විකුණුම් දක්ෂතා වාර්තා කළ විශිෂ්ටයන් ඇතුළුව එම සමාගමේ විකුණුම් අංශයේ තවත් අතිදක්ෂයන් පිරිසකට මෙහිදී සම්මාන පිරිනැමිණි. එම සම්මාන ඔවුන්ගේ දක්ෂතාවලට මෙන්ම උනන්දුවට හා කැපවීමට සිදුකෙරුණු සාමාජික සාමාජිකාවන්ටද මහඟු ආදර්ශයක් විය. එමෙන්ම සම්මාන උළෙලේ සෑම සම්මානයකින්ම සදාහරිත සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතියද සංකේතවත් විය. සදාහරිත සමාගම වර්තමානයේ මෙරට අංක එකේ වාණිජ වන වගා කළමනාකරණ සහ හරිත ආයෝජන සමාගමයි.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ පැවසීය. “මෙම සම්මාන හුදෙක් පුද්ගල ජයග්‍රහණ ඇගයීමක් පමණක් නොවෙයි. හරිත ආයෝජනය සහ තිරසාර වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අංක 01 සමාගම ලෙස අපගේ සාමූහික ප්‍රගතියට ඉවහල් වූ කැපවීම හා නොපසුබට උත්සාහය ඇගයීමයි. මේ සෑම සම්මානලාභියකුම, විකුණුම් කාර්යසාධනය ඉහළ නංවා ගනිමින් සහ ආයතනයේ අනාගතය වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබාදෙමින් අපගේ ඉදිරි ගමන හැඩගස්වාගැනීමට දායක වී තිබෙනවා. නව මාවත් ගවේෂණය කරමින්, මෙම සාර්ථකත්වයේ ප්‍රවණතාව ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාමට මෙම ජයග්‍රහණ අප සැම දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.”
සදාහරිත සම්මාන උළෙල දී සමාගමට සිය අරමුණු ඉටුකර ගැනීමට නොමඳ දායකත්වයක් ලබා දුන් අලෙවි වෘත්තිකයන් ඇගයීමට අමතරව, සමාගමේ අනාගත සැලසුම් අනාවරණය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීමක්ද සිදුවිය. වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස තමන් දිනාගෙන ඇති කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරගන්නා අතරම තම ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තරය තුළද තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳවද අවධාරනය කෙරුණි.
සදාහරිත සමාගමේ විකුණුම් විශිෂ්ටයන්ට සම්මාන