×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
සමූපකාර - ග්‍රාමීය බැංකුවල නොපියවූ ණය තුන් ගුණයකින් ඉහළට
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 14
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
2025 අවසන් වනවිට නොපියවූ ණය ප්‍රමාණය
රු. බිලියන 151 ඉක්මවයි
නිවාස ඉදිකිරීමට, විදුලිය
සහ ජලය සඳහා ලබා ගෙන
පියවීමට ඇති
මුදල රුපියල් බිලියන 43ක්
මෙරට ක්‍රියාත්මක සමූපකාර සහ ග්‍රාමීය බැංකුවල ඇති නොපියවූ ණය ප්‍රමාණයේ වටිනාකම 2025 අවසන් වන විට රුපියල් බිලියන 151.4ක් (රු.මිලියන 151,482ක්) ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ පැවැති රුපියල් බිලියන 101.8 ක නොපියවූ ණට සාපේක්ෂව රුපියල් බිලියන 50ක ඉහළ යාමකි.
එසේම මෙය දැනට දශයකට පෙර එනම් 2015 වසරේදී සමූපකාර සහ ග්‍රාමීය බැංකු තුළ පැවැති රුපියල් බිලියන 45.1 ක නොපියවූ ණය මුදලට සාපේක්ෂව තුන් ගුණයක ඉහළ යාමක් බව මහ බැංකුව පසුගියදා නිකුත් කළ 2026 සමාජ ආර්ථික දර්ශකයේ සඳහන්ව තිබේ. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් දත්ත අනුව මෙම වාර්තාව සකස් කෙරී තිබේ.
මෙලෙස 2025 වසර අවසන් වනවිට මෙම බැංකු තුළ පැවැති නොපියවූ ණය අතරින් රුපියල් බිලියන 43ක් (රු.මිලියන 43,929ක්) නිවාස ඉදිකරගැනීමට, විදුලිය සහ ජලය ලබා ගැනීම සඳහා ලබා ගත් ණය වෙයි. එසේම රුපියල් බිලියන 11.9 ක මුදලක් වාණිජ සහ වෙනත් ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය ලෙස සටහන්ව තිබේ. කෘෂිකාර්මික සහ සත්ව පාලනය වෙනුවෙන් ලබා ගෙන මෙතෙක් නොපියවූ ණය මුදල රුපියල් බිලියන 8.12ක් වන අතර, කුඩා ව්‍යාපාර සඳහා ලබා ගෙන පියවීමට ඇති ණය මුදල රුපියල් බිලියන 8.96කි.
මීට අමතරව වෙනත් අවශ්‍යතා යටතේ ලබා ගෙන මෙතෙක් පියවා නොමැති ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 78.53ක් ලෙසත් මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.
2025 වසර අවසන් විට මෙරට තුළ ක්‍රියාත්මක පැවැති සමස්ත සමූපකාර සහ ග්‍රාමීය බැංකු 2,343ක් තුළ මෙම නොපියවූ ණය පවතින බව පැවසෙයි.
මෙම බැංකු සංඛ්‍යාවද 2015 වසරේ පැවැති බැංකු 2,210 සිට බැංකු 133කින් ඉහළ ගොස් තිබේ.
එසේම 2025 අවසන් වන විට මෙම බැංකු සතු තැන්පතුවල වටිනාකම රුපියල් බිලියන 233.4ක් (රුපියල් මිලියන 233,476ක්) ලෙස සටහන් වන අතර, 2015 දී එය රුපියල් බිලියන 87ක් (රුපියල් මිලියන 87,157ක්) ලෙස සටහන්ව තිබී ඇත.
අදහස් (0)
සමූපකාර - ග්‍රාමීය බැංකුවල නොපියවූ ණය තුන් ගුණයකින් ඉහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
සමූපකාර - ග්‍රාමීය බැංකුවල නොපියවූ ණය තුන් ගුණයකින් ඉහළට