IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


සම්පත් බැංකුවේ බි. 10 ක ණයකර නිකුතුවට බි. 14 ක ඉල්ලු‍මක්

භානුක අමරසිංහ

සම්පත් බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුව සඳහා සමස්ත ඉල්ලු‍ම්පත්‍ර 119 ක් හරහා ණයකර කොටස් 138,710,000 ක් මිලදී ගැනීම සඳහා ඉල්ලු‍මක් ඉදිරිපත් වූ බව එම බැංකුව පවසයි. ඒ අනුව එහි වටිනාකම රුපියල් මිලියන 13,871 ක් (බිලියන 13.8 ක්) ලෙස සටහන්ව තිබේ. 

එහිදී ඉල්ලු‍ම්පත්‍ර 113 ක් චෙක්පත් සහ RTGS පියවීම් හරහා සිදුකළ ගෙවීම් ලෙස ඉදිරිපත්ව ඇති අතර, ණයකර කොටස් ප්‍රමාණය 92,960,000 කි. එහි වටිනාකම රුපියල් මිලියන 9,296 කි. එසේම බැංකු ඇපකර ගෙවීම් ලෙස ඉල්ලු‍ම්පත්‍ර 06 ක් හරහා ණයකර කොටස් 42,750,000 ක් සඳහා ඉල්ලු‍ම් කෙරී ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 4,575 කි. සම්පත් බැංකුව මගින් මූලික නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවා ගත හැකි පස් අවුරුදු ණයකර ලෙස ණයකර කොටස් මිලියන 50 ක් නිකුත් කෙරිණි.



අදහස් (0)

සම්පත් බැංකුවේ බි. 10 ක ණයකර නිකුතුවට බි. 14 ක ඉල්ලු‍මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site