(රංජන් කස්තුරි)
දේශීය බඩඉරිගු සඳහා සාධාරණ මිලක් නියමකර තිබියදී අතරමැදියන් තොග සඟවා වෙළඳපොළේ කෘත්‍රීම හිඟයක් ඇති කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කරයි.
දේශීය බඩ ඉරිගු කිලෝවක් රුපියල් 48 ක සාධාරණ මිලකට ලබා ගැනීමට එකඟව ඇතැත් අතරමැදියන් තොග සඟවා කිලෝව රුපියල් 58 ක වැනි ඉහළ මිලකට අලෙවි කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.
මහකන්නයේ බඩ ඉරිගු අස්වැන්න මේ දිනවල නෙළමින් තිබෙන අතර මෙවර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක පමණ අස්වැන්නක් අපේක්ෂාකරන බවත් සියලුම දේශීය බඩඉරිගු මිලදී ගැනීමට කුකුළු ව්‍යාපාරිකයින් පොරොන්දු වී තිබෙන බවද ඔහු කීය
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්