IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සියපත ෆිනෑන්ස් වෙතින් රු. බි. 5ක ණයකර නිකුතුවක්

භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව බව පවසයි. 

මෙය ලැයිස්තුගත, වර්ගකෙරූ, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස විවෘත කෙරෙන බව සමාගම පවසයි. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා ලැබී තිබේ. 

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සියපත ෆිනෑන්ස්හි සැලසුම වී තිබේ. ඊට හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව පවසයි. එසේම එම නිකුතු දෙක වෙතම හිමි වන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සියපත ෆිනෑන්ස් සැලසුම වී තිබේ. 

මෙම සෑම ණයකර කොටසක්ම රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මෙම සමස්ත නිකුතුව හරහා සිදුකරන ණයකර කොටස් මිලියන 50ක් මගින් රුපියල් බිලියන 5ක් රැස් කරගැනීම අපේක්ෂාව වී තිබේ. 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් වෙතින් රු. බි. 5ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site