IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සියලු‍ කොටස් මිල ඒකක 17,000 පනී



යොහාන් භාසුර


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව ඊයේ (23) පසු කළේය.

සියලු‍ කොටස් මිල දර්ශක ඊයේ (23) දහවල් ඒකක 17,000 සම්පූර්ණ කළ බවත් දහවල් 1.00 ට පමණ සියලු‍ කොටස් මිල දර්ශක ඒකක 17,004 ආසන්න වී තිබූ බවත් කොටස් වෙළෙඳපොළ ප්‍රධානියකු පැවසීය.

සියලු‍ කොටස් මිල දර්ශක ඒකක 17,000 ක් වන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.76 ක් හෙවත් රුපියල් කෝටි 676 ක් බවට පත්ව තිබූ බව ද එම නිලධාරියා කීය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට මෙම මසස 2 වැනිදා සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 16,000 සීමාව පසු කළ අතර ඉන් පසුව දින 21 ක් තුළ තවත් ඒකක දහසක් සම්පූර්ණ විය. 



අදහස් (0)

සියලු‍ කොටස් මිල ඒකක 17,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site