IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


සූර්යා සුවඳ කූරු දුරුතු පොහෝ දා කැලණි යයි

සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර  ඓතිහාසික  කැලණිය රාජමහා විහාරයේ දී දුරුතු පොහෝ දා සැදැහැ සිතින් ආරම්භ කළේය.

විශේෂ සජීවි පෝයදින වැඩසටහනක් වන  ‘‘සදහම් සැරිසර‘‘ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන  ක්‍රියාත්මක කිරීමටත් සූර්යා හඳුන්කූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් මෙහිදි කටයුතු කරනු ඇත.

සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි  ගෞරි රාජන් මහත්මිය පැවැසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි  කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.

දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදකයක්වන සූර්යා හඳුන් කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින්  මෙම නවතම සූර්යා සුවඳකූරු වෙළෙඳපොළට හදුන්වා දී ඇත.



අදහස් (0)

සූර්යා සුවඳ කූරු දුරුතු පොහෝ දා කැලණි යයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site