වර්තමානයේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ගෝලීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති වකවානුවක සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙස රෝටරි සමාජයේ සාමාජිකයකු වන දේශමාන්‍ය සූරී රාජන් මහතා ‘‘Service above Self‘‘ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.
මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය ධනය, කාලය හා ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් රොටරි සමාජයේ මිලියන 1.3 වූ සාමාජිකයන් පිරිසකගෙන් 150 ක් වූ අතලොස්සකට පමණක් පිරිනමන මෙම සම්මානය මෙවර ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දේශමාන්‍ය සූරි රාජන් මහතා හිමිකර ගත්තේය.
සුන්දර කඳුකරයේ අගනුවර සිට පැමිණි සූරි රාජන් මහතා මහනුවර රෝටරි සමාජයේ ගෞරවනීය දානපතියෙකි.
එමෙන්ම 2009-2010 වර්ශයේ ශ්‍රී ලංකාවේ රෝටරි සමාජයේ ආණ්ඩුකාරවරයා ලෙස විසල් මෙහෙයක් සිදුකල පුද්ගලයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර විය.
වසර ගනණාවක් ගෝලීය වශයෙන් සිදුවූ අර්බූදකාරී සිදුවීම් රැසකට පිළියම් සෙවීම සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දෙන ලදී.
මැලේරියා වසංගතය වේවා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ වැඩසටහන ආදිය මෙන්ම පානීය ජල අර්බුදයට විසදුම් සොයමින් තවත් විටෙක දුපත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වෙනුවෙන්ද සිය පූර්ණ දායකතවය සැපයූ මිනිස්කමින් පිරිපුන් මානවහිතවාදියෙකි. රෝටරි සමාජයේ මූල්‍යමය දායකත්වය සැපයීම වෙනුවෙන්‘‘Arch
Klump Society Members‘‘ නම් සුවිශේෂී රෝටරි ප්‍රජාවට අයත් සාමාජිකයෙකි.
ඒ මහතා රෝටරි ගෝලීය සම්මානයට හිමිකම් කියූ කොවිඩ් 19 “පැතිරීම වලකමු” ව්‍යාපෘතියේ මධ්‍යම කමිටුවේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.
ඔහු මෙම සුවිශේෂී සම්මානය පිළිබදව ඉතා කෙටියෙන් සදහනක් කරමින් කිය සිටියේ“ අපි මේ ජීවිතය ඉතා සුළු කාලයක් ගත කරන බවත්, අපට කළ හැකි කළ යුතු දේ ඒ අවස්ථාවේදි සිදුකල යුතු බවත්, නැවත අවස්ථාවක් අපට නොලැබෙන බවත්ය. ̃
රාජන් මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂිතම ගිනිපෙට්ටි නිෂ්පාදනය වන සූර්යා සන්නාමයේ හිමි කරුවාය. සන් මැච් ආයතනයේ සභාපතිවරයාය, අපනයන, ප්‍රවාහන, කාර්මික හා අධ්‍යාපනික ආදී වූ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක් හිමි ව්‍යවසායකයෙක් ලෙස නමක් දිනා සිටී.
සූරී රාජන් මහතාට ‘‘Service above Self‘‘ සම්මානය