IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ

යොහාන් භාසුර


ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහභාගී වූහ.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවල අවධානය යොමු වූ අතර එහිදී මෙරට අපනයන අංශය නංවාලීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ පුළුල් අපනයන සංවර්ධන සැලැස්ම විජේසිංහ මහතා ගෙනහැර දැක්වීය.

අපනයන කර්මාන්තයේ අභියෝග හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා නිෂ්පාදනය පුළුල් කිරීම, අගය එකතු කිරීම වැඩි කිරීම සහ අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය නැවත සක්‍රීය කිරීම වැනි සැලැස්මට ඇතුළත් කළ යුතු ප්‍රධාන උපායමාර්ග සභාපතිවරයා අවධාරණය කළේය.

ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමේදී දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම සහ යහපාලනය සහ විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සඳහා නව රජයේ කැපවීම විජේසිංහ මහතා අවධාරණය කළේය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ අදාළ ආයතන ඒකාබද්ධ කිරීම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා තීරණාත්මක පියවරක් බව ඔහු පැවසීය. සම්බන්ධ කිරීමට, දැනුම හුවමාරුව සහ ආයෝජන අපේක්ෂා පෝෂණය කිරීමට ඇති හැකියාව ඇය ඉස්මතු කළාය. 



අදහස් (0)

ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site