IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සංශෝධන සහිතව ආර්ථික පරිවර්තන පනත ඉක්මනින්

  • විදේශ අායෝජන වැඩි කරගැනීමට වැඩි අවධානයක්

ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කර ගැනීමට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සෘජු විදේශ ආයෝජන දත්ත මගින් පිළිබිඹු වන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බවත්, එය සැලකිල්ලට ගනිමින්, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කිරීම සඳහා අලු‍ත් පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති දිසානායක මහතා පැහැදිලි කළේය.
‘‘අපි මේ පනතට සංශෝධන කිහිපයක් යෝජනා කළා මේවා එකතු කිරීෙමන් පසු ඉක්මනින්ම ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරනවා’’ යැයි ජනාධිපති දිසානායක මහතා පෙන්වා දුන්නේ එම කටයුතු සිදුවන කාලරාමුවක් නිශ්චිතව ප්‍රකාශ නොකරය.
ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන මෑත වසරවල දී පසුගාමී විය. එය ආර්ථික අභියෝගවලට හේතුවක් වුණු අතර, එම ආර්ථික අභියෝග ඉලක්ක කර ගනිමින් රජය, ආයෝජන නව රාමුවක් යටතේ නව තක්සේරු කර ඇත.

 



අදහස් (0)

සංශෝධන සහිතව ආර්ථික පරිවර්තන පනත ඉක්මනින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site