නිමල කොඩිතුවක්කු
සහල් සඳහා පනවා ඇති සහතික මිල කිසි ලෙසකින්වත් වෙනස් නොවන බවත් එය පදනම් කර ගනිමින් වී සඳහා මිලක් නියම කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ගොවියාට සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම අසාධාරණයක් නොවන ලෙස සහල්වල සහතික මිලට සරිලන ලෙස වී සඳහා අවම සහතික මිල නියම කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. වි සඳහා අවම මිලක් නියම වෙන්නේ නම් රජය මැදිහත්වී සහතික මිල ප්‍රකාශයට පත් කරන බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.
මේ අවස්ථාව දඩමීමා කරගනිමින් කිසිවකු හෝ අයුතු ලාබ ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
සහල් සහතික මිල කිසි ලෙස වෙනස් නොවේ