කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ජපානයේ ප්‍රමුඛතම ආයෝජකයකු වන යොෂිමිචි වටනාබේ සමගින් උපායමාර්ගික හවුල්කාරීත්වයකට පිවිසි බව පවසයි.
නිශ්චල දේපළ සහ ආගන්තුක සත්කාර අංශය ඉලක්ක කරගනිමින් මෙම හවුල්කාරීත්වය ඇති කරගෙන තිබේ. වටනාබේ මහතා සතුව අද වනවිට ජපානයේ මෙන්ම බාලි, ඉන්දුනීසියාව ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉ-වාණිජ්‍ය, ආගන්තුක සත්කාර සහ නිෂ්චල දේපළ පිළිබඳ ආයෝජන අත්දැකීම් සහිත බව පවසයි.
එසේම වටනාබේ මහතා වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ සිදුකළ විවිධ ආයෝජන හරහා දිගුකාලීන සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත්, ඉදිරියේදීත් ශ්‍රී ලංකාව හා එම සබඳතාව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් පවසයි. විශේෂයෙන්ම රටේ ව්‍යාපාරික පරිසරය, ආයෝජන දිශානතිය සහ දිගුකාලීන වර්ධන හැකියාව ඒ සඳහා මූලික බව හුනස් හෝල්ඩිංග්ස් පවසයි.
මෙම නව හවුල්කාරීත්වයෙන් නිශ්චල දේපළ සහ ආගන්තුක සත්කාර ව්‍යාපෘති සඳහා වන හැකියාව හඳුනාගැනීම, සංවර්ධනය සහ කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද සමාගම සඳහන් කරයි.
හුනස් හෝල්ඩිංග්ස් ජපාන ආයෝජක යොෂිමිචි වටනාබේ හවුල්කාරිත්වයක