භානුක අමරසිංහ
හේලීස් සමූහය කොළඹ කොටස් හුවමාරුව තුළ සැලසුම් කර ඇති රුපියල් බිලියන 7 ක ණයකර නිකුතුව සඳහා AAA(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බවත් Fitch Ratings ආයතනය පවසයි. මෙම ණයකර නිකුතුව ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි ණයකර නිකුතුවක් ලෙස ඉදිරිපත්ව තිබේ.
එම සමාගම පසුගියදා මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව අනාවරණය කළ අතර, ඒ සඳහා අදාළ නියාමන ආයතනවල සහ සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් කර තිබුණි.
මේ අතර 2024/25 මූල්‍ය වර්ෂය අවසානයේදී හේලීස් පීඑල්සී සමූහයෙහි ආදායම සියයට 10 කින් ඉහළ යනු ඇතැයිද Fitch Ratings ආයතනය පවසයි. ඒ අනුව මෙය පෙර මූල්‍ය වර්ෂයේදී සමාගම පෙන්නුම් කළ සියයට 12 ක ආදායම් අඩුවීමට සාපේක්ෂව යහපත් තත්වයක් බවත් ඔවුහු පෙන්වා දෙති.
හේලීස් ණයකර නිකුතුවට Fitch වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරිමක්