භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරූ, සුරක්ෂිතනොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් ලෙස මෙම නිකුතුවක් සිදු කිරීම සැලසුම වී තිබේ. එහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එසේම ඊට හිමිවන අධිදායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමටද සමාගම බලාපොරොත්තු වෙයි.
මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර ඇති අතර, සමස්ත නිකුතුව හරහා සිදු කරන ණයකර කොටස් මිලියන 70න්, උපරිමව රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීම අපේක්ෂාව වී තිබේ.
කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සිදු කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, මෙම නිකුතුවට අදාළව නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් හේලීස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.
හේලීස් සමාගමෙන් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්