IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක් මිලදී ගත් බව පවසයි. පසුගිය අප්‍රේල් 07 සහ 08 දෙදින තුළදී මෙම මිලදී ගැනීම් සිදුව තිබේ. 
මෙය DIMO නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 10.83ක ප්‍රතිශතයකි. මෙම අත්පත් කරගැනීමට පෙරාතුව හේලීස් සමූහය සතුව DIMO හි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොතිබූ බවත් සමාගම පවසයි. කෙසේ වෙතත් මීට පෙර හේලීස් සමූහය DIMO හි ප්‍රධානතම කොටස්කරුවා වූ අතර, හේලීස්හි වත්මන් සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාද DIMO අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. මේ අතර 2024 දෙසැම්බර් 31 වැනිදා වනවිට DIMO සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය පැවතියේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙතයි. එය සියයට 19.89ක ප්‍රතිශතයකි. එසේම සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සතුව සියයට 11.17ක කොටස් හිමිකාරීත්වයක් පවතී. 



අදහස් (0)

හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site