IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු‍වට BB(lka) මට්ටම

භානුක අමරසිංහ 

රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 

මෙහිදී එම වර්ගීකරණය මගින් බැංකු‍වේ ස්වාධීන මූල්‍යමය ශක්තිමත් බව පෙන්නුම් කරන බවත්, අද වනවිට බැංකුවෙහි අවදානම් කළමනාකරණයේ හොඳ දියුණුවක් පවතින බවත් එම ආයතනය පවසයි. කෙසේ වෙතත් එය තවදුරටත් දියුණු විය යුතු බවද එම ආයතනය සඳහන් කරයි. මේ අතර බැංකුවෙහි ප්‍රාග්ධනය ශක්තිමත් මට්ටමක නොවන බවද ආයතනය පවසයි. 

“බැංකුවේ ප්‍රධානතම නිෂ්පාදනය වන්නේ සුරක්ෂිත නොවූ පෞද්ගලික ණයයි. එය සමස්ත ණයෙන් සියයට 40ක ප්‍රමාණයක් ගන්නවා. එහෙත් මැදිකාලීනව එම ප්‍රතිශතය වෙනස් වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.“ යනුවෙන්ද ෆිච් රේටින්ග්ස් පවසයි.

 



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු‍වට BB(lka) මට්ටම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site