IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක්

අඛණ්ඩව 11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි. 
 
රජය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී අඛණ්ඩව 11 වැනි මාසයටත් ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි මහ බැංකු දත්තා සඳහන් කරයි.
 
ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ ලැබීමක් වාර්තා කළ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙත වූ දිගුකාලීන ණය ද මෙම මාසය තුළ දී ඩොලර් මිලියන 2.5ක ශ-ුද්ධ ගෙවීමක් වාර්තා කළ බව ද සඳහන් කරයි. 
 
පසුගිය වසරේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ද ඇතුළත් විදේශීය සෘජු ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 1,913ක් වූ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව එය මෙතෙක් ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළ විදේශීය ආයෝජන ලැබීම යැයි ද කියයි. 
 
055
 



අදහස් (0)

11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site