IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


2017 සිට ෆේස්බුක් වෙළෙඳ දැන්වීම් අඩුවෙයි

ලාබ ලැබීමේ උපරිම සීමාවකට ළංව ඇති බැවින් ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම් මඟින් ආදායම් සෙවීම් සීමා කරන බව ලෝප්‍රකට ෆේස් බුක් සමාජ ජාලය පවසයි.

එහෙත් දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමට හා ඉංජිනේරුවන් කුලී පදනම මත බඳවාගැනීමට ප්‍රාග් ධන වියදම් සැළකිය යුතු ලෙස වැඩිවීමක් කරන බව ද එහි මූල්‍ය අංශ ප්‍රධානී ඩේවිඩ් වෙනර් අවධාරණය කරයි.

මේ අතර පසුගිය වසරේ තුන් වැනි කාර්තුවට සාපේක්ෂ්ව සියයට 56 ක ලාභයක් උපැයීමට ද ෆේස් බුක් සමත්ව ඇත.

එහි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් නැරඹිය හැකි වීඩියෝ ක්ලිප් තාක්ෂණය විසින් සිය ජාලය වේගවත් වර්ධනයකට ලක් කරනු ලැබූ බවයි.

 



අදහස් (0)

2017 සිට ෆේස්බුක් වෙළෙඳ දැන්වීම් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site