IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


2024 ඇස්බැස්ටෝස් තහනම්

2024 වන විට ජනවාරි පළමු වැනි දා වන විට රටේ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

2018 ජනවාරි පළමු වැනිදා සිට ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සීමා කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 



අදහස් (0)

2024 ඇස්බැස්ටෝස් තහනම්

සඳුරු Thursday, 08 September 2016 02:41 PM

ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද (හේ)

:       0       0

ජයතු Wednesday, 14 September 2016 07:48 PM

ඇස්බැස්ටෝස් වගේම බෝට්ටු සැදීමට භාවිතා කරන ෆයිබර් ග්ලාස් කෙඳි සහ උඳුන් සඳහා භාවිතා කරන වීදුරු පුළුන් මේ වගේම භයානකයි. (නි)

:       0       0

අජිත් Monday, 12 September 2016 09:51 AM

ඇස්බැස්ටෝස් කැපීමේදී, පලුදු කරීමේදී සිහින් අංශු පිට වෙනවා. ඒවා පෙනහලුවලට ඉතා අහිතකරයි.(අ)

:       0       0

පුෂ්ප Monday, 12 September 2016 09:48 AM

මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුණොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියට අයින් කිරීම කල නොහැකියි. එබැවින් ඒවා ලය තුළ රැඳෙමින් පිළිකා ඇති කරනවා. කිසිම දිනෙක ඇස්බැස්ටෝස් කඩන තැනක ඉන්න එපා. ඒ වගේම ඇස්බැස්ටෝස් කැඩීම කල යුත්තේ හොඳින් වතුරෙන් පෙගීමෙන් අනතුරුවයි. එතකොට දුම ඉතා අඩුවෙන් එන්නේ. ඇස්බැස්ටෝස් ඉතාම අගනා ද්‍රව්‍යයක්. එයට ආදේශකයක් සොයා ගැනීම ඉතා අපහසුයි. නමුත් මෙය භාවිතයෙන් ඉක්මනින් අයින් කල යුතුයි. (අ)

:       0       0

පුෂ්ප Monday, 12 September 2016 09:47 AM

මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුනොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියෙන් අයින් කිරීම කළ නොහැකියි. එබැවින් ඒවා ලය තුල රැඳෙමින් පිළිකා ඇති කරනවා. (බ)

:       0       1

අබරන් Sunday, 11 September 2016 10:56 AM

සඳරු, ඇස්බැස්ටෝස් නමැති ද්‍රව්‍යය ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් ඉවත් කරලයි තිබෙන්නේ. හේතුව , එයින් පෙනහළු පිළිකා රෝගය සැදීමට ඇති ඉඩ කඩ නිසා. ඒ උනාට අපේ මහා ගෙදර 1960 හැදුවේ ඇස්බැස්ටෝස් සෙවිලි කරලා වගේම සීලිං හදල තියෙන්නෙත් ඇස්බැස්ටෝස් වලින්.... අපිට නම් කිසිම උවදුරක් නැහැ. ඒ කාලයේ ගොඩාක් ගෙවල් ඇස්බැස්ටෝස් භාවිතා කරා. එහි ඇති කෘතීම කෙඳි මගින් තමයි පිළිකා රෝගය සැදෙන්නේ. ඔස්ට්‍රේලියාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය 100% ක්ම අයින් කරලා තිබෙන්නේ. (ර)

:       0       0

රොෂාන් Saturday, 10 September 2016 05:50 PM

ඉන්දියාව සමඟ රජය ලංකාවට අවාසිසහගත ගිවිසුම් වලට එළඹුනහොත් එමඟින් සිදුවන්නේ දේශීය කර්මාන්ත විනාශකොට ඉන්දියානු ව්‍යාපාරිකයන් පොහොසත් කිරීමයි (නි)

:       0       0

ශාන්ත Saturday, 10 September 2016 03:49 PM

ඇස්බැස්ටෝස් වලට සරිලන මිල ගණන් මේවායින් පරිබෝගිකයට ලැබෙයිද කියන එක තමයි ගැටලුව. (නි)

:       0       0

අබය Saturday, 10 September 2016 09:31 AM

"පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ" නිසා ඇස්බැස්ටෝස් තහනම් කරන එක හොඳයි. (නි)

:       0       0

හිමාල් Friday, 09 September 2016 06:10 AM

දැනටමත් මේ සඳහා විකල්ප වෙළෙඳපොලේ තියෙනවා. අමානෝ තහඩු, ශාක කෙඳි වලින් තැනූ ශීට්, වහලයට යොදන ටයිල් වර්ග, ඒවායින් කිහිපයක්. (බ)

:       0       0

ධම්ම Wednesday, 07 September 2016 02:17 PM

කරුණාකර මේ සමගම විකල්පය හඳුන්වා දෙන්න. (අ)

:       0       0

සඳරු Thursday, 08 September 2016 02:40 PM

ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද?(හේ)

:       0       0

ආකාෂ් Thursday, 08 September 2016 02:47 PM

ඒක හොදයි.(හේ)

:       0       0

ජගත් Thursday, 08 September 2016 02:47 PM

තව ඒකට අවුරුදු 08ක් යනවනේ.(හේ)

:       0       0

ඩයස් Thursday, 08 September 2016 02:40 PM

හොදයි ඉතින්.(හේ)

:       0       0

විශ්ව Thursday, 08 September 2016 02:46 PM

බලමුකෝ.(හේ)

:       0       0

කසුන් Thursday, 08 September 2016 07:05 AM

නැහැ ප්‍රියන්ත, පිදුරු දාන්න (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 September 2016 05:07 PM

දැන් එතකොට ආයෙත් පොල් අතු සෙවිලි කරන්නද කියන්නේ? (නි)

:       0       0

රජින්ද Wednesday, 07 September 2016 02:44 PM

2010 වසරේදී මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේවායේ ඇති භයානකකම පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ සහ වෙනත් දුගී අප්‍රිකානු රටවල විතරයි මේවා තවමත් ක්‍රියාශීලී මට්ටමේ භාවිතා වෙන්නේ. ආසියාවේ පවා අතිබහුතරයක් රටවල් 90 ගණන්වල සිට මේවා භාවිතය අවමයේ හෝ තහනම් හෝ කර තිබෙනවා. (නි)

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 02:48 PM

2024 කියන්නේ ලොකු කාලයක්. මේවා තහනම් කරන්න තිබුනේ අවුරුදු ගණනාවකට පෙර. හැකි ඉක්මනින් මේවා ඉවත් කළයුතුයි. මට මතක 2017 ජනවාරි සිට එය කරන බව කී බවයි. එසේම ජනජීවිතයට හා පරිසරයට හිතකාමී දේවල් නිපදවීමට ව්‍යාපාරිකයින් උනන්දු කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site