IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


2025 දී ඩො බි. 18.2 ක අපනයන ඉලක්කයක්

2025 වසරේ දී ශ්‍රී ලංකාව, ඩොලර් බිලියන 18.2 ක අපනයන ඉලක්ක කරා යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය.
අපනයනකරුවන් මුහුණ දෙන බාධක ඉවත් කිරීමට, අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දෙමින් විජේසිංහ වැඩි දුරටත් පැවැසුවේ, අපනයනකරුවන් මුහුණ දෙන බාධක ඉවත් කිරීමෙන්, විදේශීය ව්‍යාපාර පුළුල් කිරීමට රුකුලක් ලැබෙනු ඇති බවය.
පසුගිය 2024 දී ශ්‍රී ලංකාව, මුළු අපනයනයෙන්, ඩොලර් බිලියන 16.2 ක් පමණ උපයා ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. එයින් ද වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13.2 ක් උපයා ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැහැදිලි කළේය. නියාමන බාධක ඉවත් කිරීම මගින්, මැණික් සහ ස්වර්ණාභරණ, ධීවර සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශක්තිමත් වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ද මංගල විජේසිංහ මහතා පැහැදිලි කර ඇත.



අදහස් (0)

2025 දී ඩො බි. 18.2 ක අපනයන ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site