IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


2025 - 2026 සඳහා ජාතික නව්‍යකරණ වාර්තා එළි දකී

NIA හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරී ආචාර්ය මුදිත සෙනරත් යාපා අතින් එම වාර්තා අමාත්‍යවරයාට පිළිගන්වමින්.


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) විසින් 2025 සහ 2026 වර්ෂයන්ට අදාළව නිර්මාණය කළ ජාතික නව්‍යකරණ වාර්තා එළිදැක්වීම අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා BMICH හිදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ නව්‍යකරණයේ තත්වය, ප්‍රගතිය සහ බලපෑම පිළිබඳ ජාතික මට්ටමේ අවබෝධයක් ලබා දීමත්, ජාතික සංවර්ධනය සඳහා නව්‍යකරණය දක්වන දායකත්වය ඉස්මතු කිරීමත් අරමුණු කරගනිමින් එම නියෝජිතායතනය සෑම වසරකම ජාතික නව්‍යකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරයි. 

අදාළ වර්ෂවලදී සාර්ථකව වාණිජකරණය කරන ලද හෝ ක්‍රියාත්මක කරන ලද නවෝත්පාදන සහ ඒවා රටට සහ සමාජයට ලබා දී ඇති දායකත්වය පිළිබඳ අගනා වාර්තාවක් මේ මගින් සපයා තිබේ. ඒ අනුව රට පුරා සිදු වූ සැබෑ නව්‍යකරණයන් පිළිබඳ සංසිද්ධි 70කට අධික සංඛ්‍යාවක් මෙම වාර්තා දෙකෙහි ඇතුළත් වේ. එසේම ජාතික නව්‍යකරණ නියෝජිතායතනය ක්‍රියාත්මක කරන නව්‍යකරණ වවුචර් වැඩසටහන යටතේ ප්‍රථම වවුචර්පත් 11ක් සාර්ථක අයැදුම්කරුවන් වෙත ප්‍රදානය ද මෙහි දී සිදු කෙරිණි.



අදහස් (0)

2025 - 2026 සඳහා ජාතික නව්‍යකරණ වාර්තා එළි දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site