IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


2027 අයවැය ස්ථාවරත්වයෙන් පරිවර්තනයටද?

හැඳින්වීම :-

ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනය කිරීම පිළිබඳව හා ඊළඟ අයවැය ශක්තිමත් කිරීමේදී රජය විසින් සැලකිල්ලට ගතයුතු කරුණු ගැන මහාචාර්ය අසෝක සෙනෙවිරත්නගේ අදහස් අගය කිරීම හා අනුමත කිරීම කරන අතරේම, ඊට අයත් ප්‍රායෝගික ගැටලු‍ මෙන්ම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති ඇතැම් යෝජනාත්, මුහුණ දුන් සීමාකාරී බාධක හා කිනම් වෙනස් කිරීම් අවශ්‍ය වන්නේද යන්නත් විස්තර කිරීමට මම කැමැත්තෙමි.

ඵලදායිතාව නැංවීම, ආයෝජන සචලකරණය හා ජීවන තත්වය වර්ධනය කිරීම යන, මහාචාර්ය අසෝකගේ ලිපියේ අඩංගු ජාතික මෙහෙවර ත්‍රිත්වය 2027 අයවැයෙන් ග්‍රහණය කර ගන්නේ නම්, එයින් ශ්‍රී ලංකාවට වඩා සවිමත්, වඩාත් ඔරොත්තු දෙන ශක්තියෙන් යුතු, වඩා යථාර්ථවත් අපේක්ෂාවක් වූ සියයට 7ට වැඩි වර්ධන අනුපාත තිරසාර ලෙස පවත්වා ගතහැකි සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට අවශ්‍ය ව්‍යුහාත්මක පදනම බොහෝ දුරට නිර්මාණය විය හැකිය.

මෙම ලිපියේ අරමුණ වන්නේ මහාචාර්ය අසෝකගේ ලිපියේ සඳහන් ඇතැම් යෝජනා මෙම රජය බලයට පත්වූ දා පටන් මේ වන විට සිතා බලා ක්‍රියාත්මක කර ඇති බවත්, ඇතැම් ඒවා බාධා අභිමුවේ මුළුමනින් ක්‍රියාත්මක කිරීමට කාලයක් ගතවන බවත් පෙන්වාදීමය. මහාචාර්ය අසෝකගේ ලිපියේ 2027 අයවැය උදෙසා බොහෝ නිර්දේශ කර තිබේ. ඒ සියල්ල විශිෂ්ටය.

ඩිජිටල්කරණය තුළින් ඵලදායිතාව නැංවීම 

2024 බලයට පත්වීමේ සිට මේ දක්වා, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රජය, එහි ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුළ ඩිජිටල් පරිවර්තන සිදුකර තිබේ. එක් එක් අංශ අනුව ඒවායේ ප්‍රගතිය විවිධාකාරය. ඒවා නම් බලශක්ති, කෘෂිකර්ම හා කෘෂි ව්‍යාපාර, කාර්මික, ආයතනික හා ඩිජිටල් පාලන, අධ්‍යාපන හා මානව ප්‍රාග්ධන, වෙළෙඳ හා සම්පාදන යන අංශය.

ක්‍රියාත්මක කර ඇති ක්ෂේත්‍ර සතර, අනෙක් ඒවට සාපේක්ෂව ලබා ඇති සෑහෙන තරමක ප්‍රගතිය ද දක්වමින් පහත සඳහන් කර ඇත.

ඉඩම් ලියා පදිංචිය

මෙම ව්‍යාපෘතිය හොඳන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉඩම් වාර්තා සහ ඉඩම් පරිපාලන ක්‍රමය නවීකරණය කිරීමේ සැලසුම් රජය නිවේදනය කර තිබේ. එහි අරමුණු වන්නේ,

 පත් ඉරු උධෘත වාර්තා ඩිජිටල් වාර්තා බවට හැරවීම

 ඩිජිටල් ( cadastral) මහාමාන සිතියම්

 වංචා සහගත සහ සමානව සැකසූ (duplicate )  ඉඩම් අයිතිය කියාපෑම් අඩුකිරීම.

 පත් ඉරු පරීක්ෂා සහ අයිතියපැවරීම් වේගවත් කිරීම

 ඉඩම් තොරතුරු, අනාගත ජාතික ඩිජිටල් අනන්‍යතා පද්ධතිය සමග සම්බන්ධ කිරීම.

බොහෝ ඉඩම් වාර්තා දශක ගණන් පැරණි,ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල විවිධ ආකෘතිවලින් පවතින ඒවා නිසා මෙය ප්‍රධාන කාර්ය භාරය කි.

2) රේගු අනුමැතිය :

මෙයට රජයේ ඉහළම ප්‍රමුඛතාව හිමිව ඇත්තේ රේගුවේ කාර්යක්ෂමතාව සෘජුවම, ආනයන අපනයන සහ බදු ආදායම් කෙරේ බලපාන බැවිනි.

වර්තමාන ප්‍රතිසංස්කරණවල පහත කාර්යයන් ඇතුලත් වේ.

 ඉලෙක්ට්‍රොනික රේගු ප්‍රකාශ විශිෂ්ට ලෙස භාවිතය.

 තනි කවුළුවේ ජාතික සංකල්පය ව්‍යාප්ත කිරීම

 කඩදාසි මත ලේඛන ගත කිරීම් අවම කිරීම 

 අවදානම පදනම් වූ නැව්බඩු පරීක්ෂා වැඩිකිරීම්.

රේගු, වරාය සහ අනෙකුත් දේශසීමා සම්බන්ධ ආයතන හොඳින් ඒකාබද්ධ කිරීම.

දීර්ඝකාලීන ඉලක්කය වන්නේ නැව්බඩු නිෂ්කාෂණය ආනයන උදෙසා දින ගණනාවක පටන් පැය කිහිපයක කාර්යයක් දක්වා අඩුකිරීම ය. මෙය ගොඩ නැගුණේ මුල් රේගු නවීකරණ මත වුවද, වර්තමාන පරිපාලනය යටතේ නැවත අලු‍ත් කළ අවධාරණයක් ලබා තිබේ. මෙම ව්‍යාපෘතිය සියයට හැටක පමණක්ම හොඳ ප්‍රගතියක් ලබා තිබේ.

බදු පරිපාලනය:-

මෙය ප්‍රතිසංස්කරණ සතරෙන් වඩාත් දියුණුතම ප්‍රතිසංස්කරණය යයි කිවහැක්කේ එය ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ වැඩ පිළිවෙළට සමීපව බැඳී ඇති නිසාය. මෑත දී පහත සඳහන් ප්‍රගතීන් අත් කරගෙන තිබේ.

 ඉලෙක්ට්‍රොනික බදු ලියාපදිංචිය ව්‍යාප්ත කිරීම.

 බදු ප්‍රතිලාභ මාර්ගගතව පිරවීම.

 ඉලෙක්ට්‍රොනික බදු ගෙවීම්

 බදු ගෙවන්නන්ගේ දත්ත පදනම් වැඩි දියුණු කිරීම.

 අධීක්ෂණ සහ විගණන හැකියාවට වඩාත් අනුකූලවීම.

 එතෙර ඩිජිටල් සේවා සම්පාදකයන් ට ඇතුළුව ඩිජිටල් VAT පරිපාලන පද්ධති.

සරල බදු ඉහළ දැමීම් වල සිට වඩා හොඳ පරිපාලන සහ digital පද්ධති හරහා බදු ඒකරාශි කිරීම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධාරණය.
අනුකූලතාව වැඩි වෙත්ම බදු ආදායමද සෑහෙන තරමින් වැඩිවී තිබේ.

මෙම ව්‍යාපෘතිය සියයට අසුවකින් පමණ වැඩි දියුණු වී ඇති බව වාර්තාවේ.

4) ව්‍යාපාර උදෙසා බලපත්‍ර දීම:-

ව්‍යාපාර උදෙසා අනුමැතිය දීම වඩාත් සරළ කිරීම රජය ආරම්භ කර ඇත.

 අයදුම් කිරීම් මාර්ග ගතව සිදුකිරීම

 ඇතුලත් ආයතන සංඛ්‍යාවක් අඩු කිරීම.

 අනුමත කිරීමේ ක්‍රියාදාමය ප්‍රමිති ගත කිරීම.

 අලු‍ත් GovPay ක්‍රමයෙන් ඉලෙක්ට්‍රොනික ගෙවීම් හඳුන්වාදීම.

පුළුල් අරමුණ වන්නේ,ආයෝජකයන් උදෙසා නියාමන ප්‍රමාදය සහ විනිවිද පෙනෙන සුළු භාවය අඩු කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය භාවය වැඩි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සියයට පනහක පමණ ප්‍රගතියක් අත් කරගෙන තිබේ.

රජයේ ඩිජිටල් වැඩසටහන පුළුල් කිරීම:-

මෙම ප්‍රතිසංස්කරණ වඩාත් පුළුල් ක්‍රමෝපායක කොටසකි. පහත දෑ ඊට ඇතුලත් වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පිහිටුවීම.

මේ වසරේ පටන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ජාතික ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය ගොඩනැගීම.

රජයේ ආයතන සඳහා ගෙවීම් කිරීමට GovPay ඒකාබද්ධ වේදිකාව දියත් කිරීම.

ඩිජිටල් රාජ්‍ය සේවා ව්‍යාප්ත කිරීම.

සයිබර් ආරක්ෂණ සහ දත්ත ආරක්ෂණ සඳහා ආයෝජන වැඩි කිරීම.

කාසි හා නෝට්ටුවලින් තොර ඩිජිටල් ආර්ථිකයක් 2030 වර්ෂය වන විට ගොඩනැගීමේ ඉලක්කය.

කෘෂිකර්මය නවීකරණය කිරීම හරහා ඵලදායිතාව නැංවීම:-

ක්‍රියාත්මක කිරීම තවම මුල් අවධියේ පැවතියද ජාජබ රජය එම දිසාවට ගමන් කරන බවට සාක්ෂි වැඩි වෙමින් පවතී.

සරලව නිෂ්පාදනය උදෙසා සහයෝගය දීමේ පටන් ප්‍රතිපත්තිමය අවධානය, ඵලදායීතා වර්ධනය, අගය එකතු කිරීම සහ වාණිජකරණය දක්වා මාරුවී තිබේ.

මහාචාර්ය අශෝකගේ ලිපියේ විස්තර කර ඇති ප්‍රතිසංස්කරණ හා සමීප වන විධිමත් වැඩ පිළිවෙළ කිහිපයකත් ආරම්භ කර ඇති අතර ඒවා පහත දැක්වේ.

1) කෘෂිකාර්මික නවීකරණය රජයේ නිල ප්‍රතිපත්තියක් බවට පත්ව තිබේ.

2024 දී කැබිනට් අනුමැතිය ලත් කෘෂිකෘෂිකෘෂි අංශයේ නවීකරණ වැඩසටහන පහත කාරණා ඉලක්ක කර ඇත.

 ගොවීන්ගේ ඵලදායීතාව සහ ආදායම නැංවීම.

 අපනයනය අරමුණු කොටගත් කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.

 තරුණ ව්‍යවසායකයන් ආකර්ෂණය කර ගැනීම.

 ගොවි කටයුතු උදෙසා තොරතුරු තාක්ෂණය භාවිතය.

 රටපුරා කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථානයන් පිහිටුවීම.

 නවීකරණයට සහාය වන නීති ප්‍රතිසංස්කරණය.

මෙය සහනාධාර පදනම් කරගත් සම්ප්‍රදායයෙන් සෑහෙන තරමින් ඉවත් වීමකි.

2) 2026 අයවැය තුළ ඵලදායිතාව අරමුණු කරගත් පියවර කිහිපයක් අඩංගුවේ.

පොහොර වලින් සහන සැපයීම කෙරේ පමණක් අවධානය යොමු කිරීමට වඩා අයවැයෙන් පහත සඳහන් කටයුතු කෙරේ මුදල් යෙදවීම ඇතුළත් කර තිබේ.

දේශගුණ හිතකාමී වාරිමාර්ග යෝජනා

දඹුල්ල ශීත ගබඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය සහ මෙහෙයුම්.

සතොස මගින් ආහාර ගබඩා කරණය වර්ධනය කිරීම.

වී වියළීමේ නවීන පහසුකම්.

කිරි ආශ්‍රිත කර්මාන්ත ව්‍යාප්ත කිරීම

යෝජනා ක්‍රම සිය ගණනක වාරිමාර්ග වැඩිදියුණු කිරීම

මෙම ආයෝජන සැලසුම් කර ඇත්තේ, පසු අස්වනු නාස්ති අවම කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සහ ආහාර මිල ස්ථාවර කිරීම උදෙසාය.

3) රජය කෘෂිකාර්මික තාක්ෂණය දිරිමත් කරමින් සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාකාරීව පහත සඳහන් කටයුතු ප්‍රවර්ධනය කරයි.

 විසිරි ජල බිංදු වාරික්‍රම.

 යාන්ත්‍රීකරණය

 කාර්යක්ෂම පොහොර භාවිතය.

 නිසි පෝෂණ කළමනාකරණය.

 වැඩි දියුණු කළ අස්වනු නෙළීමේ ක්‍රම.

 නවීන ව්‍යාප්ති සේවා.

මෙම වැඩසටහන්වල පරිමාණය තවමත් මධ්‍යස්ථ තත්වයේ පැවතියද, ඩ්‍රෝන තාක්ෂණය සහ නවීන වාරික්‍රම උදෙසා මුදල් යොදන ආකාරය විස්තර කරමින් රජය නිවේදන නිකුත් කර ඇත.

4) ග්‍රාමීය දරිද්‍රතාව අවම කිරීම පැහැදිලිව කෘෂිකාර්මික පරිවර්තනය සමග සම්බන්ධ කර තිබේ.

කෘෂිකර්මය වැඩිපුර ආර්ථික වර්ධනයට දායක විය යුතු බවත්, මෙම ආංශික පරිවර්තනය ග්‍රාමීය දරිද්‍රතාව අවම කිරීම උදෙසා කේන්ද්‍රගත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

වැඩිදියුණු කළ දත්ත පද්ධති, ශක්තිමත් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සහ නවීන කර්මාන්තයක් ලෙස පශු සම්පත් සංවර්ධනය ද ඔහු අවධාරණය කර තිබේ.

තවම මගහැරී ඇත්තේ කුමක්ද?

මෙකී ධනාත්මක සෘඥා පැවතියද, ඇතැම් වැදගත් ප්‍රතිසංස්කරණ තවමත් මුළුමනින් සිදු කළ යුතුව තිබේ. ඊට පහත කාරණා ඇතුළත් වේ.
 විස්තීර්ණ ඉඩම් භුක්ති සහ ඉඩම් ඒකාබද්ධ කරන ප්‍රතිසංස්කරණ.

වාණිජ වශයෙන් සක්‍ය වූ විශාල ගොවිපොළ නිර්මාණය කිරීම සඳහා දීර්ඝ කාලීන කල්බදු පහසු කිරීම.

 සැකසුම් කිරීමේ දී සහ අපනයන සැපයුම් දාම පෞද්ගලික ආයෝජන ශක්තිමත් කිරීම.

 කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝ කාලීන මූල්‍ය යෙදවුම් වැඩි කිරීම.

 පුළුල් පරිමාණයේ කෘෂිකර්ම ක්‍රම දිවයින පුරා නිශ්චිතව ක්‍රියාත්මක කිරීම ඵලදායිතා දත්ත හා බැඳුණු ඩිජිටල් ගොවිපොළ ලියාපදිංචිය.
කම්කරුවන් අඩු ඵලදායිතා ගොවිපල වලින් විතැන් කිරීම උදෙසා

කම්කරු සංක්‍රාන්ති වැඩසටහන්.

මෙම ප්‍රතිසංස්කරණවලින් තොරව නවීකරණය කිරීමෙන් අස්වනු වැඩිවන නමුදු, තරගකාරී කෘෂි ව්‍යාපාර අංශයක් නිර්මාණය කිරීමේදී එය ප්‍රමාණවත් නොවේ.

කළ යුත්තේ කුමක්ද? :-

රජය ගැටලු‍වට මූලික වූ කාරණය සොයා යන ආකාරය අතිශය නිවැරදි නමුත්, එහි විසඳුම් මේ වන විට සංක්‍රමණීය ඒවාට වඩා, වර්ධනීය ඒවා බවට පත්ව තිබේ.

නිවේදනය කරන ලද ප්‍රතිපත්ති බොහෝ දුරට, කෘෂිකාර්මික ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවාට වඩාසම්ප්‍රදායික කෘෂිකර්මය නවීකරණය කරන සුළු ඒවාය.

සාර්ථක මැද ආදායම්ලාභී ආර්ථිකයන්හි සිදුවෙන්නාක් මෙන් , ඇතැම් විට සියයට 12- සියයට 15 ශ්‍රම බල කායක් සමග, දළ දේශීය නිෂ්පාදිතයට සියයට 12-සියයට 15 දායකත්වයක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් අවශ්‍ය නම් එහිදී වඩා පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. ඒවා නම්,

 වාණිජ ගොවිපොළ සහ ගොවි සමූපකාර දිරිමත් කිරීම.

 ආහාර සැකසුම් සහ සම්පාදනයන් උදෙසා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම.

 අපනයන ඇගයුම් දාම සඳහා ගොවීන් ඒකරාශී කර ගැනීම.

 ඩිජිටල් කෘෂිකර්මාන්තය සහ නිසි පරිමාණයේ ගොවිපොළ හඳුන්වාදීම.

 කම්කරුවන් සඳහා ගොවිපොළ නොවූ රැකියා නිර්මාණය කිරීම. එවිට කම්කරුවන්ට නිෂ්පාදන , සම්පාදන, පුනර්ජනනීය බල ශක්ති සහ සේවාවලට මාරු වියහැකිය.

වඩාත් අභිප්‍රාය ශීලී වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ එයින් නියෝජනය වනු ඇත. අවසාන වශයෙන් රජය ඉදිරිපත් කළ අයවැය මත පදනම්ව, කැබිනට් තීරණ සහ ප්‍රසිද්ධ ප්‍රකාශවලින්, වර්තමාන න්‍යාය පත්‍රය, අව්‍යාජ ලෙස කෘෂිකර්ම නවීකරණයකට යොමුව ඇති මුත් තවමත් ඉහළ ඵලදායිතාව සහිත කෘෂි ව්‍යාපාර මාදිලියකට සංක්‍රාන්තිය මුළුමනින් සිදුවී නැත. මෙම දිසාගතවීම දිරිමත් වන සුළු නමුත්, ශ්‍රී ලංකාවට සෑහෙන තරමින් ග්‍රාමීය ආදායම් ඉහළ නංවා කෘෂි කර්මාන්තය සහ සෙසු ආර්ථිකය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඵලදායිතා පරතරය තුරන් කළ හැක්කේ ද යන්න ප්‍රතිව්‍යුහගත කිරීමේ වේගය විසින් තීරණය කරනු ඇත.

රජය මුහුණ දෙන බාධාකාරී සීමා මොනවාද?-

පවතින බාධාකාරී සීමා, කුමක් කළ යුත්තේද යන්න වටහා නොගැනීමට වඩා මූල්‍ය, දේශපාලන, ආයතනික හා ව්‍යුහාත්මක සාධකවල මිශ්‍රණයක් සේ පෙනේ. ඇත්ත වශයෙන්ම වර්තමාන රජය මේ වන විට සාකච්ඡා කර ඇති බොහෝ ප්‍රතිසංස්කරණ ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් නිර්දේශ කරන ලද ඒවාය.

ප්‍රධාන බාධාකාරී සීමා ශ්‍රේණිගත කළ හැක්කේ පහත ආකාරයෙනි.

1) මූල්‍ය සීමා (ඉහළ)

ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් නැවත යථා තත්වයට පත්වෙමින් පවතී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු, අයවැයෙහි ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් උත්පාදනය කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය සමාජ සුබසාධනය සහ මූල්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පවත්වා ගත යුතු වීම නිසා රජයේ මූල්‍ය අවකාශය සීමාවේ.

නවීන කෘෂිකර්මාන්තය සඳහා ශීතදාම, සැකසුම් කම්හල්, ඩිජිටල් පද්ධති, වාරිමාර්ග, යාන්ත්‍රීකරණය සහ ග්‍රාමීය මාර්ග උදෙසා සෑහෙන තරම් ආයෝජන ඉහළ දැමීම අවශ්‍ය වේ. ආදායම් උත්පාදනය කිරීම සඳහා මෙම ආයෝජන කිරීමට වසර ගණනාවක් ගතවිය හැකිය.

2) දේශපාලන සීමා (ඉතාමත් ඉහළ)

කෘෂි කර්මාන්තයෙන් විශාල ඡන්ද කොටසක් නියෝජනය වේ. පොහොර සහනාධාර, සහතික මිල, වාරිමාර්ග සඳහා මුදල් වෙන් කිරීම්, ඉඩම් අයිතිය සහ රාජ්‍ය ප්‍රසම්පාදන ආදීයට බලපාන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඕනෑම රජයක් පරෙස්සම් සහගත විය යුතුය.

ආර්ථික වශයෙන් ප්‍රබල ප්‍රතිසංස්කරණවලින්, එම පරිවර්තනය සිදුවන කාලයේදී අහිමිවන ආදායම් සම්බන්ධයෙන් ගොවීන් භීතියට පත් වුවහොත් ප්‍රබල විරෝධයක් මතු වනු ඇත. මීට පෙර කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහා විරෝධ, ආණ්ඩු පරෙස්සම් සහගත විය යුතු ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබේ.

3) ඉඩම් හිමිකම් සහ නීතිමය සීමා (ඉතාමත් ඉහළ)

සමහර විට වඩාත් විශාලතම විවාදාත්මක අභියෝගය වන්නේ ඉඩම් හිමිකම කුඩා කොටස්වලට වෙන්ව තිබීම විය හැකිය.
බොහෝ ගොවිපොළ අක්කරයේ සහ අක්කර දෙකට සීමා වූ ඒවාය. එහිදී වාණිජ ගොවිපොළ වඩාත් අසීරු බවට පත්ව ඇත්තේ එහිදී යන්ත්‍ර යෙදවීම ආර්ථික වශයෙන් පිරිමැසුම් දායක නොවීමත්, වාරි ක්‍රම ප්‍රශස්තකරණය අසීරුවීමත්, සැපයුම් දාම කුඩා කොටස්වලට වෙන්ව තිබීමත් නිසාය.

ඉඩම් නීතිවලින් වඩා ශක්තිමත් වන අතර බොහෝ තරගකාරී ආර්ථිකයන්ට වඩා දීර්ඝ කාලීන බදුගැනීම් අසීරු ය. ඉඩම් ව්‍යුහ ගැටලු‍වලට විසඳුම් සෙවීමෙන් තොරව තාක්ෂණයෙන් ළඟා විය හැක්කේ විභව ප්‍රමාණයෙන් කොටසකට පමණකි.

4) ආයතනික ශක්‍යතා (ඉහළ).

කෘෂි කර්මාන්තය විවිධ අමාත්‍යාංශ සහ ආයතන පුරා විහිදී පවතී.

 කෘෂිකර්ම

 වාරිමාර්ග.

 ගොවි ජන සංවර්ධන

 පළාත් සභා

 අපනයන කෘෂිකර්ම.

 පළාත් පාලන ආයතන.

සම්බන්ධීකරණය නිතරම පාහේ දුර්වල වන අතර හොඳින් සැලසුම් කළ ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව අසමාන නිසා ඇන හිටිය හැකි වේ

5) ශ්‍රම සහ ජන විද්‍යාත්මක (මධ්‍යස්ථ වශයෙන් ඉහළ)

බොහෝ ගොවීහු වයස්ගත වී සිටිති. තරුණ ශ්‍රී ලාංකිකයෝ ඉතිරි රැකියා, නාගරික රැකියා සහ වෘත්තීය මය රැකියා වලට කැමැති වීම වැඩිවෙමින් පවතී. මෙයින් විරුද්ධාභාසයක් මතු වේ. කෘෂි කර්මාන්තයට තරුණ ව්‍යවසායකයන් අවශ්‍ය වන අතර බොහෝ තරුණයන්ට අවශ්‍ය වන්නේ මුළුමනින් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීමටය.

6) මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය :-

වාණිජ කෘෂිකර්මාන්තයේ සඳහා යන්ත්‍රීය වාරිමාර්ග, හරිතාගාර, ගබඩා සහ පරිවහනය උදෙසා ආයෝජන කිරීම අවශ්‍ය වන්නේය. බොහෝ කුඩා ගොවීන්ට, ඇප තැබීමේ හැකියාව, ණය පිළිබඳ හොඳ ඉතිහාසයක්, සහ දීර්ඝකාලීනව මුදල් යෙදවීමේ හැකියාවක් නොමැත. ණය නිකුත් කිරීමේදී බැංකු පරෙස්සම් සහගත වන්නේ, ගොවිපොළ ආදායම් කාලගුණයට සහ වෙළෙඳපොළ මිල උච්චාවචනයට ගොදුරු වන නිසාය.

7) වෙළෙඳපොළ ව්‍යුහය (මධ්‍යස්ථ).

ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ සාපේක්ෂව කුඩාය,වාණිජ කෘෂිකර්මාන්තය අපනයන, ගුණාත්මක බව සහතික කිරීම, විශ්වාසදායි සම්පාදනය, සහ ජාත්‍යන්තරා වෙළෙඳපොළ මත රැඳී පැවැත්ම වැඩි වෙමින් පවතී. මෙවැනි ක්‍රම ගොඩනැගීමට කාලයත් පෞද්ගලික අංශයේ දායකත්වයත් අවශ්‍ය වනු ඇත.

දර්ශනයත් යම් සාධකයක් වේද ?

වර්තමාන පරිපාලනය පහත සඳහන් සම්ප්‍රදායන් වෙත දැඩි අවධාරණයක් දක්වා තිබේ.

කුඩා ගොවීන් ආරක්ෂා කිරීම

අසමානතාව අවම කිරීම

සාමූහිකත්වය ශක්තිමත් කිරීම.

ආහාර සුරක්ෂිත බව තහවුරු කිරීම

මෙම අරමුණු වාණිජ කෘෂිකර්මාන්තය සමග, මුළුමනින් පරස්පර නොවන නමුත් සිදු කරන ප්‍රතිසංස්කරණ කුඩා ඉඩම් හිමි ගොවීන් නොසලකා හැර විශාල කෘෂි ව්‍යාපාරවලට වාසි සහගත අයුරින් සැකසෙන්නේ යයි තේරුම් ගතහොත් එවිට ආතතියක් නිර්මාණය වන්නේය. එයින් කියැවෙන්නේ රජයේ මෑත කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශ, එහි මතවාදී මූලයන්ට වඩා වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයකින් යෝජනා කර ඇති බවයි. සම්පාදනයන්, අගය එකතු කිරීමේ ක්‍රියාදාම, සහ කෘෂිකාර්මික තාක්ෂණය උදෙසා පෞද්ගලික ආයෝජන සිදුවීම, කුඩා ඉඩම් හිමි ගොවීන්ට සහයෝගය දීමට අඛණ්ඩව අඩු බරක් යොදමින් ඒවායින් පිළිගෙන තිබේ.

එතරම් පැහැදිලි නොවන සීමාකාරී සාධක: සංක්‍රාන්ති කළමනාකරණය. :-

එක් අසීරු අභියෝගයක් වන්නේ නිතරම ශ්‍රම අවශ්‍යතාව අඩු කරන ඵලදායිතා ප්‍රතිලාභයි. කෘෂිකාර්මික රැකියා නියුක්තිය ශ්‍රම බළකායෙන් සියයට 25 සිට සියයට 15 දක්වා අඩුවන්නේ නම් ලක්ෂ ගණන් කම්කරුවන්ට වෙනත් තැන්වල රැකියා අවස්ථා අවශ්‍ය වේ.
ඒ සඳහා මේ සමගම, නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම්, සංචාරක කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති, සම්පාදන හා ඩිජිටල් සේවාවල වර්ධනයක් අවශ්‍ය වන්නේය.එම රැකියාවලින් තොරව ශීඝ්‍ර කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ කිරීම ග්‍රාමීය ජනතාවගේ අසීරුතා අඩු කිරීමට වඩා ඒවා වැඩි කිරීමට තුඩු දෙනු ඇත.

කෘෂිකර්මය සම්බන්ධ සමස්ත ඇගයුම:-

රජයේ කතාවලින්, ප්‍රතිපත්ති ලේඛනවලින් සහ හයවැය පියවර වලින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ අවශ්‍යතාව පිළිගෙන ඇති බව දිස්වේ. ඒ නිසා එය දැක්ම පිළිබඳ අඩුවක් නොවේ.

දැඩි මූල්‍ය සීමාකරණ, දේශපාලන වශයෙන් සංවේදී සහනාධාර, කුඩා කොටස්වලට වෙන් වී ගිය ඉඩම් අයිතිය, සීමිත ආයතනික ශක්‍යතා සහ සංක්‍රාන්ති කාලයේදී අවදානමට ගොදුරුවන ග්‍රාමීය ගෘහාශ්‍රිතයන් සහිත රටක විශාලතම අභියෝගය වන්නේ, ප්‍රතිසංස්කරණ එකින් එක පෙළගැස්වීමයි.

සමාප්තිය :-

මහාචාර්ය අසෝකගේ ලිපියේ යෝජනා කර තිබෙන පරිදි අයවැයෙහි සාර්ථකත්වය මනිනු පිණිස අලු‍ත් රාමු රටාවක් තිබීම වලංගු අවශ්‍යතාවකි. බල ශක්ති කෘෂිකර්ම කාර්මික ඩිජිටල් පාලනය මානව ප්‍රාග්ධනය , වෙළෙඳාම හා සම්පාදන අංශවල ව්‍යුහාත්මක පරිවර්තනය සැබැවින්ම වඩාත් හොඳින් සහ වර්තමාන රජයේ අධිෂ්ඨානයකින් හා කැපවීමකින් යුතුව සැලසුම් සහගතව ආරම්භ කර තිබේ. කෙසේ වුවද එහිදී ජයගත යුතු බාධකද පවතී. අයවැය කාර්ය සාධනය, වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකයක ප්‍රධාන වාහකයන් වූ ඵලදායිතාව, ආයෝජන සචලකරණය සහ ගෘහස්ථ ජීවන තත්වය වර්ධනය කිරීම ආදිය සමග සම්බන්ධ කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. මෙම ක්ෂේත්‍රවල කාර්ය සාධනය අඛණ්ඩව මිනිය යුතුවන අතර විනිවිද පෙනෙන සුළු අයුරින් වාර්තා කළ යුතුය. එහි ප්‍රගතිය හෝ ප්‍රගති විරහිත බව සම්බන්ධයෙන් වර්ධනය කරා යන ගමනේ ආණ්ඩුවේ සමාන හවුල්කරුවන් ලෙස මහජනතාව දැනුවත් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක වීමටනම් කෘෂි කර්මාන්තයට ආයෝජන ආකර්ෂණය කරගනිමින්, අපනයන ව්‍යාප්ත කරමින්, ගොවිපොළ නොවූ රැකියා උත්පාදනය කරමින්, මීළඟ වසර පහ සිට දහය දක්වා කාලය තුළ වඩාත් ගැඹුරින් කෘෂිකාර්මික ප්‍රතිව්‍යුහගතකරණය වඩාත් වැඩි අවකාශයක් තුළ සිදුකිරීමට රජය යොමුවන සෙයක් පෙනී යයි. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එවැනි ප්‍රතිසංස්කරණ කිරීමට කැමැත්තේ ද යන්න නොව රජයට ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලන හා ආර්ථික සහයෝගයක් ග්‍රාමීය ජීවනෝපායට හානි කිරීමකින් තොරව ගොඩනැගිය හැකිද යන්නය. 



අදහස් (0)

2027 අයවැය ස්ථාවරත්වයෙන් පරිවර්තනයටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site