Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ට AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S 25 නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. විවිධ විශේෂාංග සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙළ සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් උරුම කර දෙමිනි.
එසේම Galaxy සඳහාම වන Snapdragon® 8 Elite Mobile Platform For Galaxy තාක්ෂණය සමඟින් අසමසම AI කාර්ය සාධනයක්, ඉහළ කැමරා තාක්ෂණයක් මෙන්ම සුවපහසු පරිශීලක අත්දැකීමක් ලබා දෙන මෙම Galaxy S25 නිෂ්පාදන පෙළ මෙරට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයේ වෙනසක් සිදු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මෙසේ සඳහන් කළේය. “ පරිශීලකයන්ගේ සුවිශේෂී අවශ්‍යතා අපගේ නව්‍යකරණ සඳහා සුවිසල් අත්වැලක් වූ බව සඳහන් කළ හැකියි. ඒ නිසා අපි Galaxy AI වැඩි දියුණුවට ලක් කරමින් සෑම කෙනකුටම පහසුවෙන් හැසිරවිය හැකි තමන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන නවතම නිෂ්පාදන පෙළ හඳුන්වාදීමට කටයුතු කළා. AI-integrated OS තාක්ෂණයෙන් සැදුම්ලත් නවතම Galaxy S25 නිෂ්පාදන පෙළ එදිනෙදා ජීවිතයේ තාක්ෂණය උපයෝගී කර ගන්නා ආකාරයේ සුවිසල් වෙනසකට හේතු වනු ඇති බව නිසැකයි”.
වෙළෙඳපොළේ ඇති සියලුම Galaxy S25 ජංගම දුරකතන හා උපාංග විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නිෂ්පාදන වන බැවින් පරිශීලකයන්ට කිසිඳු බාධාවකින් හා සැකයකින් තොරව අඛණ්ඩව භාවිත කිරීමේ හැකියාව උදා කර දී ඇත.
පරිශීලකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි AI agents සමන්විත මෙම නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඊට ගැළපෙන තාක්ෂණික සේවාවක් සලසා දෙනු ලබයි. Google සමඟ එක් වෙමින් AI මූලික කරගත් ආකාරයෙන් නැවත සකස් කර ඇති Android මෙහෙයුම් පද්ධතිය පරිශීලකයා වෙත බහු මාධ්‍ය හැකියාව උදා කර දෙනු ඇත්තේ ස්වභාවික ආකාරයෙන් අකුරු, කතන, රූප හා වීඩියෝ සන්නිවේදනය සඳහා අවස්ථාව සලසා දෙමිනි.
මෙහි ඇති Circle to Search විශේෂාංගය මඟින් දුරකතන අංක, ඊ මේල් සහ URL සැණෙකින් හඳුනාගනිමින් ඊට අවශ්‍ය පියවර ගැනීමට පරිශීලකයාට හැකි වේ. Context-Aware Assistance විශේෂාංගය GIF හුවමාරු කර ගැනීම හෝ විවිධ අවස්ථාවලට අදාළ විස්තර ගබඩා කර තැබීම වැනි ක්‍රියාකාරකම් සඳහා යෙදුම් අතර පහසුවෙන් මාරු වීමේ අවස්ථාව සලසා දෙයි. Enhanced Natural Language Understanding විශේෂාංගයේ වැදගත්ම යෙදුමක් වන්නේ Samsung Gallery හි නිශ්චිත ඡායාරූප සොයා ගැනීමේ හැකියාව උදා කර දීමයි. එසේම හඬ විධානයක් මඟින් දුරකතන තිරය සකස් කර ගැනීමේ හැකියාවද එහි තවත් විශේෂත්වයකි. Samsung, Google අතර මෙන්ම Spotify වැනි තෙවන පාර්ශවීය යෙදුම් අතරද අන්තර්ක්‍රියා කිරීමේ ඉඩකඩ සලසන ntegrated Google Gemini AI විශේෂාංගය මෙන්ම යෙදුම් අතර මාරු නොවී ඇමතුම් සාරාංශ කිරීමට හා සටහන් ආකෘතිගත කිරීම සඳහා වන Transcript හා Writing Assist වැනි විශේෂාංගද මෙහි ඇති තවත් සුවිශේෂී තාක්ෂණික අංග ලෙස පෙන්වා දිය හැකිය.
Knox Vault මඟින් පරිශීලක දත්ත ආරක්ෂා කිරීමට කටයුතු කරන amsung Galaxy S25 නිෂ්පාදන පෙළ පරිශීලකයාටම ගැළපෙන ඉහළ අත්දැකීමක් ලබා දෙන අතරම Personal Data Engine මඟින් පරිශීලක දත්ත ආරක්ෂිතව විශ්ලේෂණය කර ඔවුන්ට අවශ්‍ය යෝජනා ලබා දෙයි. එමෙන්ම පරිශීලක දත්ත සුරක්ෂිත තබා ගනිමින් පරිශීලකයාට අවශ්‍ය පරිදි භාවිත කිරීමේ අවස්ථාව ලබා දෙන මෙහි ඇති On-Device AI Processing විශේෂාංගය මෙන්ම එල්ල විය හැකි සයිබර් තර්ජනවලින් ආරක්ෂාව සනිටුහන් කරන Post-Quantum Cryptography තාක්ෂණයද ඉතා වැදගත් වේ. මේ හා සම්බන්ධ උපාංගවල ආරක්ෂාව නිරීක්ෂණය කරනු ලබන්නේ Knox Matrix Dashboard තාක්ෂණය මඟිනි.
එසේම Galaxy සඳහාම විශේෂයෙන් සකස් කරන ලද Snapdragon® 8 Elite මඟින් NPU හි සියයට 40ක, CPU හි සියයට 37ක හා GPU හි සියයට 30ක කාර්යසාධනයක් ලබා දෙන අතරම ඒ තුළින් නිවැරදිව AI ක්‍රියාත්මක කිරීමද සිදු කරයි. තවද ProScaler සහ mDNIe විශේෂාංග මගින් ගුණාත්මක රූප ලබා දෙන අතරම ඉහළ කාර්යක්ෂමතාවද උරුම කර දෙයි. Gaming හි නිරත පරිශීලකයන්ට පහසුවෙන් තමන්ගේ gaming සිදුකර ගැනීම සඳහා අවශ්‍ය පහසුව සලසා දෙන Vulkan Engine & Advanced Ray Tracing විශේෂාංගයට අමතරව වැඩි දියුණු කරන ලද තාප කළමනාකරණ පද්ධතිය මගින් සියයට 40ක පමණ විශාල vapor chamber සමඟින් දිගු කාලීන ඉහළ කාර්ය සාධනයක් සහතික කරනු ලබයි.
Next-gen ProVisual Engine සමඟින් ජංගම ඡායාරූපකරණයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති මෙම Galaxy S25 Ultra හි 50MP Ultrawide Sensor, vibrant shots හේතුවෙන් අතිශය පැහැදිලි හා සජීවී ඡායාරූප තමන් සතුකර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලබා දෙනු ඇත. එමෙන්ම 10-bit HDR Video Recording මගින් වඩා පැහැදිලි වීඩියෝ ලබා ගත හැකි අතර Advanced Low-Light Video Processing මගින් ඕනෑම ආලෝක තත්වයකදී වුවද පැහැදිලි වීඩියෝ ලබා ගැනීමේ අවස්ථාවද පරිශීලයන්ට ඉමහත් පහසුවක් වනු ඇත.
තවද මෙහි ඇති වෘත්තීය මට්ටමේ සංස්කරණ මෙවලම් පරිශීකයන්ට තවත් පහසුවක් අත්කර දෙනු ඇති අතර එහි Audio Eraser අනවශ්‍ය පසුබිම් හඬ ඉවත් කිරීමටත් Virtual Aperture විශේෂාංගය DSLR වැනි ගැඹුරු අන්තර්ගතය මනාව පාලනය කරනු ලබයි. චිත්‍රපට වැනි වීඩියෝ නිෂ්පාදනයේදී ඉහළම තත්වයේ වර්ණ සංයෝජන ලබා දෙන Galaxy Log මෙන්ම ඇනලොග් ෆිල්ටර් හා මූර්ති වැනි නිර්මාණ සිදු කිරීමේ හැකියාව උදා කර දෙන Portrait Studio & Filters විශේෂාංගද මෙහිදී ඉතා වැදගත් වේ.
AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S2 25 ශ්‍රී ලංකාවට