ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි. මෙම සමුළුව පෙබරවාරි 19 සහ 20 දෙදින කොළඹ, සිනමන් ලයිෆ් හෝටලයේදි පැවත්වෙන අතර, බැංකු වෘත්තිකයන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාර්ශ්වකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
මේ සඳහා වන දායකත්වය මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා විසින් වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති හලීන් හෙට්ටිගොඩ මහතා වෙත පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ජාත්‍යන්තර බැංකු) තුෂාරි හේවාවසම්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ඊ.පී.ඒ. සිසිර කුමාර, වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ කාරක සභිකයන් වන රමෝනාස් පෙරේරා සහ කාංචන කරුණාගම යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.
APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු මහජන බැංකුව