IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


Asia Green සමාගමට Pinnacle සම්මාන

Asia Green Solutions  පෞද්ගලික සමාගම  Pinnacle Sri Lanka  සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year  සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions  ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. 
Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions  පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් උසස් තත්වයේ සේවාවක් ලැබීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. එම සමාගම සපයන සේවා අතර Water Treatment Solutions  ප්‍රධාන තැනක් ගනී. Water Treatment  සඳහා වන විශේෂිත රසායනික ද්‍රව්‍ය, නවීන පන්නයේ උපාංග, විශේෂඥ ව්‍යාපෘති කළමනාකරණ සේවා සපයන Asia Green Solutions  සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙයි. Water Audit & Consultation  සේවාද සපයන එම සමාගම ජල පරිහරණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත්, වියදම් අවම කිරීමටත්, පරිසර ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කිරීමටත් කර්මාන්තවලට සහාය වේ.
සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය, කසළ භාවිතයෙන් බල ශක්තිය නිෂ්පාදනය, Heating හා Cooling  විසඳුම් සහEnergy Audit  සේවා සැපැයීම Asia Green Solutions  සමාගමේ සේවා අතර වේ. Environmental Engineering  සේවා අතර අපජල හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, තත්ව පරීක්ෂණ සහ තිරසාරත්වය පිළිබඳ උපදේශන ප්‍රධාන වේ. 



අදහස් (0)

Asia Green සමාගමට Pinnacle සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site