BMICH Wedding Show හි දී ඔබේ විවාහ මංගල්‍යය අවස්ථාව සඳහා පරිපූර්ණ සේවයක් සහ මගපෙන්වීමක් පිරිනැමීමට Cinnamon Grand Colombo බලාපොරොත්තුවෙන් සිටියි. අද (14) සිට 16 වැනිදා දක්වා පෙ.ව. 9:00 සිට රාත්‍රී 8:00 දක්වා මෙම උත්සවය පැවැත්වේ.
විවාහ මංගල උත්සව පිළිබඳ Cinnamon Grand Colombo සතු ප්‍රවීණත්වයෙන් සිහින මංගල උත්සවය යථාර්ථයක් කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම සේවා සහ මාර්ගෝපදේශ ඔවුන් හරහා ලබාගැනීමට හැකිය. මංගල ඡායාරූප සඳහා සුන්දර ස්ථාන, උසස් සේවාව සමඟ සෑම මනාල යුවළකගේම අවශ්‍යතාවලට ගැළපෙන පැකේජ සමඟින් සුවිශේෂී දිනය සදාතනික මතකයක් බවට පත් කිරීමට අවශ්‍ය දායකත්වය Cinnamon Grand Colombo විසින් පිරිනමනු ලබයි. වඩාත් නිර්මාණාත්මක අදහස් සමඟ ඉහළ දැනුමක් ලබාදීමට Cinnamon Grand Colombo කණ්ඩායම කැපවී සිටින අතර විවාහ සැලසුම් ක්‍රියාවලිය සඳහා බාධාවක් නොවන පරිදි වඩාත් ගැළපෙන විසඳුම් සහ සුවිශේෂී දීමනා එහිදී හිමිවනු ඇත.
නොමිලේ මංගල පැකේජයක් සඳහා දිනුම් ඇදීමේ අවස්ථාව: Atrium හි පැවැත්වීමට නියමිත මංගල අවස්ථා මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි (ආහාර උපරිම වශයෙන් අමුත්තන් 150ක් සඳහා පමණි).2026 මාර්තු 31 දක්වා මංගල උත්සව සඳහා මෙම දීමනා වලංගු වේ.
`BMICH වෙඩින් ෂෝ’ හි දී Cinnamon Grand වෙතින් විශේෂ පැකේජ