IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


BYD ඉලෙක්ට්‍රික් වාහන 462ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට

  • වාහන 669 ක් ප්‍රතිනැව්ගත කරලා

දේශීය වෙළෙඳපොළ සඳහා ආනයනය කරන ලද දෙවැනි වාහන තොගය පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. ග්ලෝවිස් සෙන්චරි නමැති නෞකාවෙන් රැගෙන ආ වාහන තොගයේ, ශ්‍රී ලංකා වෙළඳපොළ සඳහා BYD වාහන 462ක් ඇතුළත් වූ අතර වාහන 669 ක් ප්‍රතිනැව්ගත කර ඇත. ග්ලෝවිස් සෙන්චරි නෞකාව සඳහා HIP විසින් හසුරුවන ලද මුළු වාහන ගණන 1,159 කි. 

‘‘කලාපයේ මෝටර් රථ සැපයුම් දාමය තුළ, විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වෙමින් සිටිනවා. එයට විශේෂ හේතුව, අපගේ මනා සංවිධනාත්මකභාවය මෙන්ම විද්‍යුත් වාහනවල අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂඥ ලෙස සකස් කර ඇති නවීනතම සහ ආරක්ෂිත යටිතල පහසුකම්. විද්‍යුත් වාහන සඳහා උසස් තත්වයේ පහසුකම් සැපයීමෙන් කලාපයේ මෝටර් රථ කර්මාන්තයේ වර්ධනය උදෙසා අපගේ කැපවීම සනාථ කරනවා,’’ යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා ප්‍රකාශ කරයි.

සිංගප්පූරුවේ සිට පැමිණි, කොරියානු ධජය යටතේ යාත්‍රා කරන ග්ලෝවිස් සෙන්චරි නෞකාව, HIP හි සිය මෙහෙයුම් සාර්ථකව නිමවා, ඕමානයේ සොහාර් වරාය වෙත ගමන් ආරම්භ කළේය.



අදහස් (0)

BYD ඉලෙක්ට්‍රික් වාහන 462ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site