
Beverly Hills Polo Club (BHPC) සන්නාමය සිය “Be the Champion” සංකල්පය පෙරදැරි කරගනිමින්, Miss Grand Sri Lanka 2026 හි Official Fragrance Partner වශයෙන් තරගකාරියන්ගේ සාර්ථකත්වයේ ගමනට ඉමහත් ශක්තියක් වූ අතර, අගෝස්තු 31 වනදා Cinnamon Lakeside Colombo හි පැවැත්වුණු අවසන් මහා තරගයේදී නෙතකි ලොකුගමගේ Miss Grand Sri Lanka ලෙස කිරුළු පළඳිමින් එම ගමන සාර්ථකත්වයේ අග්‍රඵලය සනිටුහන් විය.
Model with Ruki Academy, Miss Grand Sri Lanka හි ජාතික අධ්යක්ෂ රුක්මාල් සේනානායක සහ ජාතික සංවිධායක තාරක ගුරුකන්ද යන මහත්වරුන්ගේ සහයෝගීත්වයෙන් මීට මාස තුනකට කාලයකට පෙර මෙම සුවිශේෂී ගමන ආරම්භ වූයේ, තරගකාරියන් වෙත වෙනස්ම අත්දැකීමක් තිළිණ කරමින්. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති ප්‍රබල සබඳතාව ඉස්මතු කර පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ විය.
තරගාවලියේ Auditions, National Costume, Talent Personality Rounds යන සියලුම ප්‍රධාන අදියරවලදී Beverly Hills Polo Club සන්නාමයේ ප්‍රබල නියෝජනයක් දැකගත හැකි විය. Fragrance Partner ලෙස කටයුතු කිරීමට අමතරව, “The Art & Science of Fragrances” තේමාව යටතේ විශේෂ පෞරුෂ සංවර්ධන වැඩමුළු සංවිධානය කිරීමටද Beverly Hills Polo Club මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, එමගන් තරගකාරියන්ගේ පෞරුෂත්වය තවදුරටත් ඔප්නංවමින්, සැබෑම ජයග්‍රාහී මානසිකත්වයක් සහිතව විශ්වාසයෙන් සාර්ථකව ඉදිරියට යාමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන ලදී.
මෙවර අවසන් මහා තරගය Beverly Hills Polo Club හි ලාංකේය ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, ඊට හේතු වූයේ Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජෙයෂ්ඨ උපසභාපති ඬේමියන් මිසීර්ජීහ්ව් මහතාගේ ප්‍රථම ලංකා සංචාරයයි. ජීවන විලාසය උත්කර්ෂයට නැංවූ මෙම දැවැන්ත අවසාන මහා තරගය නැරඹීමට සිය නියෝජිතයන් සමග එක්වූ ඔහුගේ පැමිණීමත් සමඟ මෙම සහකාරිත්වයේ ඇති වැදගත්කම තවදුරටත් තහවුරු විය.
අවසන් මහා තරගයෙන් අනතුරුව දිගහැරුණු තවත් සැමරුම් අවස්ථාවක් වශයෙන්, ජාත්‍යන්තර තලයේදී ලංකාව නියෝජනය කිරීම සඳහා පිවිසෙන නෙතකි වෙත ඇයගේ ඉදිරි ගමනට සහය දෙමින් වසරක කාලයක් සඳහා Beverly Hills Polo Club fragrances නිෂ්පාදන නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද සන්නාමය පියවර ගෙන තිබේ.
Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026 සමග එක්ව කිරුළට යන ගමන සමරයි