
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කොළඹ Cinemon Life City Dreams හෝටලයේ පැවති DIAMOND Excellence සම්මාන උෙළලේදී වසරේ හොඳම සහ ප්‍රමුඛතම විදෙස් රැකියා පුහුණු පාසල ලෙස ඌරගස්මංහන්දිය, යටගල C .S .T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමිය සම්මානයට පාත්රවිය.
මේ ආයතනය ආරම්භ කර තෙවසරක් ඉක්ම යාමටත් පෙර මේ වසරේ දී (2026) එම ආයතනය මෙසේ ජාතික වශයෙන් වැදගත් සම්මාන උළෙලවල් හතරකදීම සම්මානයට පාත්රවූ සිව් වැනි අවස්ථාව මෙය වේ.
ඊශ්‍රායලය ඇතුළු යුරෝපීය රටවල රැකියාවලට යාම සඳහා අපේක්ෂාවෙන් සිටින මෙරට ශ්‍රමිකයන් පුහුණු කිරීම මේ ආයතනයේ කාර්යභාරය වන බවත් මේ වනවිට සිය ආයතනයෙන් පුහුණුව ලබා ඊශ්‍රායලයේ පමණක් රැකියා සඳහා පිටත්ව ගිය මෙරට ශ්‍රමිකයන් ගණන පන්දහසකට ආසන්න බවත් එය සැලකිල්ලට ගනිමින් සිය ආයතනයට මෙසේ පිට පිටම සම්මාන ලැබෙන බවත් C .S..T. I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ සභාපති සහ විධායක අධ්‍යක්ෂක සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.
ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන උෙළලේදී සිය ආයතනයට හිමි සම්මානය සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා සහ එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂිකා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව. සී.එස්.ටී.අයි. බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් මහතාද මෙහි සිටී.
C.S.T.I. බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියට DIAMOND Excellence සම්මානය