IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම සඳහා රුපියල් බිලියන 4ක ආයෝජනයක් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
 ඒ සඳහා වන අනුමැතිය සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමෙහි හවුල්කාර සමාගම වන කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, කැලණි ටයර්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් පසුගිය අප්‍රේල් 02 වැනිදා හිමිව තිබේ. මෙහිදී අදාළ යෝජිත ආයෝජනය සම්පූර්ණයෙන්ම සියැටි කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් සිදු කිරීමටද නියමිතව ඇත. කැලණි ටයර්ස් පීඑල්සී සමාගම සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමෙහි සියයට 50ක කොටස් හිමිකාරීත්වයක් දරයි. 1999 වසරේදී ඇසෝසියේටඞ් සියැට් ප්‍රයිවට් ලිමිටඞ්, සියැට් ලිමිටඞ් ඉන්දියා සහ කැලණි ටයර්ස් පීඑල්සී සමගින් ඇති කරගත් ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතේ මෙම සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පිහිටුවා ගෙන තිබේ. 

 



අදහස් (0)

CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site