IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


CMA CGM සිල්වර්ස්ටෝන් ප්‍රථම වරට හම්බන්තොටට

CMA CGM සමාගම විසින් මෙහෙයවනු ලබන, මෝටර් රථ වාහන සඳහා පමණක් සීමා වූ (Pure Car Carrier) CMA CGM  සිල්වර්ස්ටෝන් නෞකාව, පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිය මංගල සංචාරය සිදු කළේය. මෙම සන්ධිස්ථානය, වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස HIP හට ඇති පිළිගැනීම වඩාත් සවිගන්වයි.

2024 දී ඉදිකර ඇති සිල්වර්ස්ටෝන් නෞකාව, ස්වාභාවික ද්‍රව වායුවෙන් (LNG) බල ගැන්වෙන අතර එහි දිග මීටර් 200ක් වේ. මෝටර් රථ 7,000ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති නෞකාව, සිංගප්පූරුවේ සිට HIP වෙත පැමිණියේ වාහන ඒකක 333ක් සමඟිනි. CMA CGM දැනටමත් ලෝකයේ තුන්වැනි විශාලතම බහාලු‍ම් නැව්ගත කිරීමේ ක්‍රියාකරු ලෙස හොඳින් ස්ථාපිත වී ඇති අතර, මෙය එම සමාගමේ රෝල්-ඔන්/රෝල්-ඕෆ් (RoRo) අංශය ව්‍යාප්ත වීම සනිටුහන් කරයි.

සිය පළමු මෝටර් රථ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට ගෙන ඒම වැදගත් අවස්ථාවක් බව, CMA CGM ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ කිංස්ලි අබේවික්‍රම මහතා පවසයි. ”‍සිල්වර්ස්ටෝන් HIP වෙත පැමිණීම, අත්හදා බැලීමක් වුවද, මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස HIP හි මෙහෙයුම් හැකියාව තක්සේරු කිරීමට මෙය අපට අනගි අවස්ථාවක්.”‍ බව තවදුරටත් පැවසීය.



අදහස් (0)

CMA CGM සිල්වර්ස්ටෝන් ප්‍රථම වරට හම්බන්තොටට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site