IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


CSE වසරේ නිවාඩු දින වෙනස් වෙයි

  • අප්‍රේල් 30 පැවැති අමතර දින අඩක නිවාඩුව ඉවත් කරයි
කොළඹ කොටස් හුවමාරුව (CSE) 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දින වෙනස් කරන බව පවසයි. ඒ අනුව අප්‍රේල් 30 වැනිදාට ලබා දී තිබූ අමතර දින අඩක නිවාඩුව ඉවත් කෙරී තිබේ.
මීට පෙර මැයි 01 වැනිදා දිනය වෙසක් පොහොය නිවාඩුව ලෙස යෙදී තිබීම නිසා ඊට පෙර දිනය (අප්‍රේල් 30) සඳහා මෙලෙස දින අඩක අමතර නිවාඩුවක් ලබා දී තිබුණි. කෙසේ වෙතත් මහානායක හිමිවරුන් රජයෙන් කළ යෝජනාවකට අනුව වෙසක් පොහොය දින මැයි 30 වැනිදාට යොදාගෙන තිබේ.
වසර සඳහා ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් නිවාඩු එලෙසින්ම පවතින අතර, අගෝස්තු මාසයේ 26 සහ 27 යන පිට පිට දින දෙකම මිලාද් උන් නබි උත්සවය සහ නිකිණි පොහොය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වැසී තිබේ.



අදහස් (0)

CSE වසරේ නිවාඩු දින වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site